මෙරට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ නවසිලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් අතර ඊයේ (12) සාකච්ඡාවක් පැවති බව වාර්තා වේ. එමෙන්ම මෙම සාකච්ඡාවට රේගු උපදේශක බ්රෙන්ට් ලිදර්ලන්ඩ් සහ ප්‍රධාන උපදේශක ජේම්ස් ඇන්ඩර්සන් සහභාගී වූ බව කියයි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ දේශපාලන තත්ත්වය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කියයි.
එමෙන්ම මෙරට සංවර්ධනය සදහා අවශ්‍ය තාක්ෂණික සහාය නවසිලන්ත රජය විසින් මෙරටට ලබා දෙන බව නවසිලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් ප්‍රකාශ කරන ලදී .














































