English
සිංහල
23:28 අඟහරුවාදා, ජූලි 29, 2025
  • Login
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ සමහර නිලධාරීන්ගේ දුෂිත ක්‍රියා හෙලිකල පුද්ගලයන්ට එරෙහිව වාරණ නියෝග.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ සමහර නිලධාරීන්ගේ වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා හෙළිකරමින්, එම නිලධාරීන්ගේ අකටයුතුකම් රජයට දැනුම් දීමට කටයුතු කල මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ  ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අයට එරෙහිව  මොරටුව ගරු දිසා අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් අද (මැයි 16) දින නිකුත් කරන ලද බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක කර්නල් නලීන් හේරත් විසින් වට්ස් ඇප් සමුහ වෙත යොමුකළ පණිවිඩයක දැක්වේ.

    ඔහුගේ පණිවිඩයට තුල සදහන් වන්නේ, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ද්වේශසහගත ලෙස ඔහුගේ කීර්ති නාමයට හානිපමුණුවා ඇතැයි ප්‍රකාශ කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha”  යූ ටියුබ් චැනලය ඔස්සේ ඩබ්ලිව්.ඒ.ඒ.ධර්මසිරි යන අය විසින් සිදුකර ඇති  ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා විත්තිකරුවන් කරමින් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලා මොරටුව ගරු දිසා අධිකරණයේ පවරා ඇති නඩුව අද දින කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇති බවයි. 

    ඒ අනුව පළමු විත්තිකාර චමුදිත සමරවික්‍රම සිය “truth with Chamuditha”  යූ ටියුබ්  චැනලය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කුමන හෝ ආකාරයක වැඩසටහනකින් හෝ වෙනත් මාධ්‍යයකින් පැමිණිලිකරු  සම්බන්ධයෙන් මොනයම් හෝ අසත්‍ය සහ වැරදි කරුණු ගෙනහැර දක්වමින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වන පරිදි ද්වේශසහගත ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව එක් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බවද ඔහු සදහන් කර තිබේ.

    තවද මෙම නඩුවට ගොනුකර ඇති සාක්ෂි පැමිණිලිකරු සම්බන්ධයෙන් අන්තර්ගත වී ඇති කරුණු පළමු විත්තිකරු විසින් පවත්වාගෙන යනු ලබන “truth with Chamuditha”  යූ ටියුබ් චැනලය හෝ විත්තිකරුවන් දෙදෙනාම විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් සියළුම සමාජ මාධ්‍ය ගිණුම් තුළින් තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වාලමින් ඔවුන් දෙදෙනාට එරෙහිව ද ගරු අධිකරණය විසින් තවත් වාරණ නියෝගයක් ද නිකුත් කර ඇත.

    මෙහිදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ එරංගා පින්නදූව මෙනවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක සහ නීතිඥ ඉශාන් අලවතුරගේ යන මහත්වරුන් පෙනී සිටි බවද සදහන් වේ.

    මෙම නඩුව මැයි මස 30 වන දින යලි කැඳවීමට නියමිත බවද සදහන්ය.

    ශ්‍රී රාවණා ලංකා සටහන

    චමුදිත සමරවික්‍රම මහතාගේ මෙම යු ටියුබ් නාලිකාව තුලින් බොහෝ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා හෙළිදරව් කර තිබේ. ඒ අතර ශ්‍රී ලංකා යුධ හමුදාවේ පොදු ප්‍රශ්නද හෙළිකර තිබේ. ආයතනයක් ලෙස ප්‍රශ්නවලට නිසි පිළිතුරු, සාධාරණ පිළිතුරු නොලැබෙන විට ඒවා මාධ්‍ය මගින් සමාජ ගත වේ. වර්තමානයේ එය බහුලව සිදුවන්නේ ගෝලීයකරණයත් සමගය. බොහෝ පාලකයන් ගෝලීයකරණයේ සැබෑ තත්වය හදුනාගෙන නැත. කමල් ගුණරත්න මහතා කල යුත්තේ ඔවුන් හෙලිකල කරුණුවලට අනුව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමය. එසේ සිදුකලේ නම් මොවුන් සියලුම දෙනා ඔහු වෙනුවෙන්ද පෙනී සිටිනු ඇත. කෙසේ නමුත් අධිකරණයේ පිහිට පැතීමට ඕනෑම පුද්ගලයකුට අයිතියක් තිබේ. එසේම යම් පුද්ගලයෙකු යම් තොරතුරක් ඉදිරිපත් කල විට එයට වහාම ක්‍රියාත්මක වී අසාධාරණයට ලක්ව සිටින පාර්ශ්වයන් වෙනුවෙන්, හිතවත්කම් පසෙක දමා නීත්‍යානුකූලව කටයුතු කිරීම නිසි බලධාරියාගේ වගකීම වේ. අධිකරණ නියෝගයට අප කවුරුත් ගරුකරමින්, අනෙක් පාර්ශ්වයටද සමානව අධිකරණය මගින් ලබා දී තිබෙන නීතිමය අයිතිය භාවිතා කල යුතුය.

    කෙසේ නමුත් මෙම නඩුවට හේතුව වන නාලිකාවේ තිබෙන කරුණු ඉදිරිපත්ව තිබෙන්නේ මහජනතාවගෙන් වැටුප් ලබාගන්නා තනතුරේ සිටියදී සිදුකරනු ලැබූ කරුණු සදහාද, එසේ නැතිනම් තමන්ගේ පෞද්ගලික කටයුතුවලදී සිදුව තිබෙන හානි සම්බන්ධවද යන්න අනාවරණය නොවේ. එසේම මෙම දෙදෙනා අනාවරණය කල තොරතුරුවලට අනුව ආරක්ෂක ලේඛම් ලෙස අවශ්‍ය පරීක්ෂණ සිදුකළේද යන්නද අනාවරණය නොවේ.

    කල යුත්ත සහ නොකළ යුත්ත, කල යුත්තේ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. නීතියට පරිබාහිරව කටයුතු කිරිමෙන්, ලැබෙන ප්‍රතිපලද යම් දිනයක ලැබෙනුයේ නීතියට අනුව හෝ සොබාදහම මගිනි. තමන් කළකම් පලදෙන විට කළ මෝඩකම් මතක් වී, බුද්ධිය මතුවන විට විය යුතු සියල්ලම සිදුව තිබීමෙන් ඒවා ආපසු හැරවිය නොහැකි තත්වයට පත් වේ. එබැවින් මේවා අප කාට කාටත් ඉතාම හොද පණිවිඩ සහ පාඩම් බව වර්තමානයේ සිතිය යුතු අතර අනාගතයේ සිදුවන්නේ කුමක්ද යන්න යමක් කිරීමට පෙර සිතිය යුතුමය. ආරක්ෂක ලේඛම්වරයා මේ වන විටත් ජාත්‍යන්තරය හමුවේ විවිධ චෝදනාවලට ලක්ව සිටින බැවින්, අනාගතයේදී ඔහු තනිවීමට තිබෙන ඉඩකඩ වැඩි බැවින්, අපගේ දැක්ම සහ අපට පෙනෙන පරිදි, ඔහු සියල්ලම විචාරශීලිව විමසිය යුතුය. එසේ විමසමින් විශ්‍රාමික රණවිරු ප්‍රජාව සමග සමීප වෙමින්, ඔවුන් ඉදිරිපත්කරන ප්‍රශ්න කඩිනම්ව විසදිය යුතුය.

    ඒවා විසදුවේ නම්, වර්තමාන ආරක්ෂක ලේඛ්ම්වරයාට එරෙහිව යුධ හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටින විවිධ තනතුරු දරණ නිලධාරීන් ඔහුට විරුද්ධව තොරතුරු ලබා දෙන්නේද නැත. එසේම මාධ්‍යවේදීන් තරහ කරගැනීම තවත් ආකාරයකට අවාසියකි. රටේ තත්වය මනාව වටහාගෙන, තව මාස කිහිපයක් යන විට කුමක් වේවිද යන්න සිතාබලා කටයුතු කිරිම ඔහුගේ පෞද්ගලික ජිවිතයට වැදගත්ය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    Select කාණ්ඩය
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
      • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
      • දුම්රියක් පීලි පනී.
      • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
      • පුවක් අපනයන බෝගයක් කරයි.
      • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
      • හෙටත් මුළු රටම රත් වෙයි.
      • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
      • ලංගම බස් රථයක් පෙරළෙයි.
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      Call us: +94710866060

      © 2021 රාවණා ලංකා.

      • EnglishEnglish
      No Result
      View All Result
      • මුල් පිටුව
      • විදේශීය පුවත්
      • රාජ්‍ය පරිපාලන
        • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
        • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
      • තරුණ සහ ප්‍රජා පුවත්
      • පාරිසරික
      • අධ්‍යාපන
        • නිති අධ්‍යාපනය
        • උසස් පෙළ
      • විශේෂාංග
      • කාන්තා අතිරේකය
      • ක්‍රීඩා සහ විනෝදාංශ
      • අප ගැන
      • News Archive
      • Ravana Video gallery
      • Login

      © 2021 රාවණා ලංකා.

      Welcome Back!

      Login to your account below

      Forgotten Password?

      Create New Account!

      Fill the forms bellow to register

      *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
      All fields are required. Log In

      Retrieve your password

      Please enter your username or email address to reset your password.

      Log In
      This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
      Go to mobile version