අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් ,තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අද (18) අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත.
එස්.තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
එහි දී මෙම නඩුකරයට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති විරෝධතා තුළින් තවත් වගඋත්තරකරුවන් පිරිසක් පිලිබඳ තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔවුන් ද මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම්කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඉල්ලා සිට ඇත.
අදාළ පෙත්සම සංශෝධනය කිරීමට ඒ සඳහා අවවසර ලබාදෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන ඇත.
ඒ අනුව එම පෙත්සම සංශෝධනය කිරීමට අවසර හිමිව ඇති අතර එම සංශෝධනවලට අදාළව යම් විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස ද නීතිපතිවරයාට නියෝග කර ඇත.
මේ අතර පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ සංශෝධිත පෙත්සමේ අලුතින් වගඋත්තරකරුවන් ලෙස නම් කරන පුද්ගලයින් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් වන අතර අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස ද නියෝග කර ඇත.