ගාලු මුවදොර පවතින අරගලයට පවත්වාගෙන යාමට තිබෙන බාධක ඉවත් කරගැනීම උදෙසා මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි එම්. එන්. එන්. හමිම් නැමති සිවිල් ඉනජිනේරුවෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබී එය ඊයේ (02) කරුණු විමසා තිබේ.
ගාලු මුවදොර පවතින සාමකාමී උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය පියවර ගනිමින් ගනිමින් සිටින බැවින් එම පියවර වලක්වා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස එම ඉල්ලීමේ සදහන් විය.
පොලිස්පති, යුධ හමුදාධිපති, ආරක්ෂක ලේඛම්, ජනාධිපති සහ නීතිපති එම පෙත්සමේ වග උත්තරකරුවන්ව සිටි බව සඳහන් වේ.
පෙත්සම ඉදිරියට ගෙන යාමට කරුණු විමසීමේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රමසූරිය මහතා කරුණු දක්වමින් රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය ජනාධිපති ලේඛම් කාර්යාලයටත් තවත් ප්‍රධාන ආයතන කිහිපයකටත් බාධාවන අයුරින් ප්‍රවේශ මාර්ග පවා අවහිර කරමින් එම උද්ඝෝෂණය පැවැත්වෙන බව ප්‍රකාශ කර තිබුණි. එසේම එහිදී එමගින් රාජ්‍ය පාලනයට බාධා වන බවද ප්‍රකාශ කර තිබුණි.
ඔහු තව දුරටත් සදහන් කරමින් මෙම පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ කෙසේද යන්න පෙන්වා දී නැති බවද පරකෂ කර තිබෙන අතර රටේ මෙවන් ආර්ථික අර්බුධයක් තිබෙන අවස්තාවක එම අර්බුධයෙන් රට ගොඩගැනීම සදහා ඉවහල්වන කටයුතුවලට හැර එයට බාධා වන අනෙකුත් කටයුතුවලට ඉඩ නොදිය යුතු බවද ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු එල්. ටී. බී දෙහිදෙනිය, හා විනිසුරු ඒ එච් එම් ඩි නවාස් යන මහත්වරුන් ඉදිරියේ කැදවා තිබු අතර පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට කටයුතු කර තිබුණි.
ශ්‍රී රාවණා සටහන
මෙම පුවතට වඩා අපට වැදගත් වුයේ මෙම නඩුව පැවරීමෙන් සහ එම ඉල්ලීම නිෂ්ප්‍රභා වීමෙන් අරගලකරුවන්ට ලැබී තිබෙන නීතිමය රැකවරණය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට ද අරගලයට එද්රෙහිව කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කිරීමයි.
පොලිස් නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ද මෙම අරගලයට යම් හානිදායක කාරනාවක් සිදු කිරීමේදී පසුගිය 9 වැනිදා වැනි සිදුවීමක් සිදු වුවහොත් පොලිසිය පරීක්ෂණ කල යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ XI වන පරිච්චේදය යටතේය. එහි 114 වැනි වගන්තියට අනුව සාක්ෂි නොමැතිනම් වරදක් කල බවට යමෙකු අත් අඩංගුවට ගැනේ තිබෙන්නේ නම් නිදහස් කල යුතුය. සාක්ෂි ආඥා පනතේ 6 වැනි වගන්තිය ගත් විට එයින් කියවෙනුයේ යම් කාරණාවක් එකම ස්ථානයකදී සිදු නොවී විවිධ ස්ථානයන්වලදී සිදු වී තිබුනත් ඒවා එකිනෙකට සම්බන්ධ නම් අනුකූල කරුණු බවයි. ඒ අනුව රටේ පවතින දැඩි ආර්ථිකමය නොහොත් ජීවත් වීමට පවා නොහැකි පාලනය නිසා රජයෙන් යැපෙන්නේ නැති ජනතාව සිදු කරනු ලබන අරගලය සහ සහ අරගලයට පහරදීම සහ ඉදිරියේදී පහරදීම්ද එකිනෙකට සම්බන්ධ එකම කටයුත්තේ කොටස් වේ.
ඒ අනුව යම් අපරාධයක් සිදුවීමට පෙර එයින් අරගලකරුවන් ආරක්ෂා කර ගැනීම සදහා අධිකරණයේ මැදිහත්වීම ඔවුන් ඉල්ලා තිබේ. ඔහු ඉල්ලා ඇත්තේ මූලික අයිතිවාසිකම් පිලිබදව නඩු කටයුත්තක් වුවත්, එම නඩුව ප්‍රතික්ෂේප වුවත්, මතු දිනකදී අරගලකරුවන් හා ආරක්ෂක අංශ අතර යම් අරගලයක් වූ හොත් එහි වාසිය යන්නේ අරගලකරුවන්ටය.
මෙහිදී අරගලය පවතින්නේ ඇයි යන ප්‍රශ්නය සමග පැන නගින සියලුම කාරනා මත අනෙකුත් කාරනා බැදෙන බැවින් යම් කාරනාවක් මත අරගලකරුවන් ට සිදුවන අකටයුත්තකදී ඔවුන්ගේ වාසියට මෙම ඉල්ලීම ඉතාම ප්‍රභල සාක්ෂියක් වේ.
එසේම මෙහිදී නැවතත් යම් පුද්ගලයෙකුට නඩු පැවරිය හැකි අතර , මෙම නඩුව තුලින්ම ඉතාම හොද නඩුවක් පැවරීම සදහා අවශ්‍ය පදනම සකසා තිබේ. එනම් අරගලය පවතින්නේ ඇයිද යන්නද, එය ඉවත් කිරීමෙන් තමන්ට ජීවත් වීමට ඇති බාධාව ආදියද අලුත් නඩුවක් හරහා නැවත පැවරීමට හොද පදනමක් සකසා තිබේ.
