ඉදිරියටත් අඛන්ඩව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන බවට යුරෝපා සංගමය විසින් සහතික වී ඇත.
මේ වන විට දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ සාමාජිකයින් 05දෙනා ඊයේ (01) දිනයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා හමුව ඇති අතර එහිදී පැවති සාකච්ඡාව අතරතුරදී මේ පිළිබඳව සඳහන් කර ඇති බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.
විදේශ අමාත්‍යවරයා විසින් මෙහිදී විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය යුරෝපා සංගමය වන නිසා මෙරට ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ගයන් ඉහළ නැංවීමේ දී යුරෝපා සංගම් ජී.එස්.පී ප්ලස් ප්‍රතිලාභවල ධනාත්මක දායකත්වයේ වටිනාකම පිළිබඳවය.
එමෙන් ම ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ පවතින ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම,සිවිල් සේවය සමග කටයුතු කිරීම ,තිරසාර සංවර්ධන ඉලක්ක සහ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම ආදී කරුණු රාශියක් පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා විසින් යුරෝපා සංගමයේ සාමාජිකයින් දැනුවත් කර ඇති බව වාර්තාවෙයි.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවත්නා බහුවිධ බැඳීම් යුරෝපා සංගම් නියෝජිත කාණ්ඩායම විසින් පිළිගත් අතර එහි දී ලංකාවට අඛන්ඩව ඉදිරියටත් සහයෝගය ලබාදෙන බවට සහතිකයක් ද ලබා දී ඇත.















































