English
සිංහල
15:13 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටි ලාබාලතම ගුවන් හමුදාධිපති දිවි සැරියට සමුදෙයි .

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ සිටි ලාබාලතම ගුවන් හමුදාධිපතිවරයා මිය ගොස් තිබේ. 1933 හික්කඩුවේදී උපන් ඔහු නමින් එයාර් චිෆ් මාර්ෂල් දේශමාන්‍ය පත්මන් හරිප්‍රසාධ මෙන්ඩිස් වේ. ඔහු 1971 සිට 1976 දක්වා රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන අණදෙන නිලධාරියා විය.

    ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වන විට ඔහුගේ වයස අවුරුදු 38 කි. එවැනි තරුණ වයසකදී ගුවන් හමුදාපති ලෙස පත් වූ ප්‍රථම ගුවන් හමුදාධිපති වන්නේද ඔහුය. ගුවන් නියමුවෙකු වූ ඔහු රාජකීය ගුවන් හමුදාවේ අංක 02 ප්‍රවාහන බලඝණයේ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර තිබේ.

    ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඒ මහතාගේ පියා වෛද්‍ය මෙන්ඩිස්ය. රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස 1951 අගෝස්තු මස 08 වන දින බැදුණු ඒ මහතා කැඩෙට් නිලදරියෙකු ලෙස වැඩි දුර පුහුණුව සඳහා බ්‍රිතාන්‍යට යවන ලදී. ඔහුත් සමග කෙඩෙට් නිලධාරී D. De. S . සෙනෙවිරත්න මහතාද සහබාගි විය. එංගලන්තයේ ක්රැන්වෙල්හි රාජකීය ගුවන් හමුදා විද්‍යාලයෙන් 1954 අප්‍රේල් මස 06 වැනිදා උපාධිය ලබා ගන්න ලදී. එතැන් සිඅට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් දී හැවිලන්ඩ් වැම්පයර්ස් පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගත්තේය. 1954 දෙසැම්බර් මසදී නැවත ලංකාවට පැමිණ නැවත 1959 දී පියාසර උපදේශක පුහුණුව සදහා රාජකීය ගුවන් හමුදා මධ්‍යම පියාසර පාසලට යවන ලදී. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කටුනායක රාජකීය ලංකා ගුවන් හමුදාවේ පියාසර පාසලේ පියාසර උපදේශකයෙකු බවට පත් විය.   

    පසුව 1961 දී පමණ බලඝන නායක නිලයේ සිටියදී වෙලින්ග්ටන් හි ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සහභාගිවීමෙන් අනතුරුව විංග් කමාන්ඩර් නිලයට උසස් වීම් ලද ඔහු 1963 දී ගුවන් හමුදා මූලස්ථානයේ ජේෂ්ඨ මාණ්ඩලික නිලදාරිය ලෙස පත් කරන ලදී. ගෘෘප් කැප්ටන් නිලයට උසස් වීම් ලබා සිටි ඔහු 1969 දෙසැම්බර් මසදී ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

    1971 ජනවාරි පළමුවන දින වන විට ඔහුට අවුරුදු 38 ක් පමණ වයස වූ අතර එයාර් වයිස් මාර්ෂල් නිලයෙන් ගුවන් හමුදාපති ලෙස පත් කරන ලදී. ඔහු ගුවන් හමුදාධිපති වී තෙමසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආරම්භ විය. ඉතාම සීමිත පහසුකම් යටතේ වුද එම කැරැල්ල සදහා ඇති සාර්ථක දායකත්වයක් ලබා දී තිබේ. කැරැල්ලෙන් බිද වැටුණු අර්ථිකය ගොඩ නැගීම සදහා හමුදාවන් වෙනුවෙන් ලබා දී තිබු බොහෝ වියදම් කැප හැරීමට එකල රජයට සිදු වූ බැවින්, ගුවන් හමුදාවේ නඩත්තුවට මුදල් සෙවීම වෙනුවෙන් හෙලිටුවර්ස් අංශය නිර්මාණය කිරීමට ඔහුට සිදු විය. ඔහු ඒ සදහා ගුවන් හමුදාවේ ගුවන් යානා සහ නියමුවන් යොදවන ලදී.

    ගුවන් හමුදාව වෙනුවෙන් ඔහු ලබා දුන් ප්‍රධාන දායකත්වය නම් කළමනාකරණ මණ්ඩලය ඇතුළු වත්මන් කළමනාකරණ ව්‍යුහය නිර්මාණය කිරීමයි. නිළධාරී පුහුණුව සදහා ත්‍රිකුණාමලය චීනවරායේ ගුවන් හමුදා ඇකඩමිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒකල ඉලෙක්ට්‍රොනික නඩත්තු හා පුහුණු පාසැල ( වර්තමාන වෘත්තිය පුහුණු පාසැල) සහ ගොඩබිම් කාර්‍ය මණ්ඩල පුහුණුව සඳහා ගුවන් හමුදා කටුනායක වෙළඳ පුහුණු පාසල පිහිටුවීමද ඔහුගේ රාජකාරි දිවියේ සිදු කරන ලද  සුවිශේෂ  වූ අනාගත සැලසුම්ය. ඔහු 1976 දී එයාර් මාෂල්වරයෙකු ලෙස සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී.

    පසුව එයාර් සිලොන්හි සභාපති, කොමසාරිස් ජනරාල්, සිවිල් ආරක්ෂක සහ ගුවන් සේවා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේද කටයුතු කර තිබේ.

    මිය යන විට ශ්‍රී ලංකා රජයෙන් දේශමාන්‍ය ගෞරව සම්මානයෙන්ද, 2007 වසරේදී එයාර් චිෆ් මාර්ෂල් නිලයටද උසස්වීම් , ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම ආදී පදක්කම් කිහිපයකින්ද ඔහු පිදුම් ලබා තිබේ.

    1971 ජනවාරි මස පළමු දින හතරවැනි ගුවන් හමුදාධිපතිවරයා වී 2021 ජනවාරි මස පළමුවනට හරියටම අවුරුදු 50 ක් සැමරීම වෙනුවෙන්, 2021 ජනවාරි මස පළමු  දින ගුවන් හමුදා මූලස්ථානයේදී ඔහු වෙනුවෙන් ගුවන් උපහාර පිදීමේ උත්සවක්ද පැවැත්විණි. ඒ වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ලේඛම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙනි. එවැනි උපහාරයක් ලබන්නටද ඔහු වාසනාවන්තයෙකු වු නමුත් එසේ කිරීමට අවශ්‍ය බව වර්තමාන ගුවන්  හමුදාධිපතිවරයාට අදහසක් පහල වීමද ඔහුගේ භාග්‍යයකි.  ජීවිතයේ අවසන් කාලයේද තම සේවා ස්ථානයේ උපහාර ලැබීමටද ඔහු වාසනාවන්ත විය. එය සිදු කිරීමට සැලසුම් කල ගුවන් හමුදාපති සුදර්ශන් පතිරන මහතාද පිදිය යුත්තන් පුදමින් ගුවන් හමුදාවේ තම පරපුරට යම් ආදර්ශයක් ලබා දී තිබේ.

    ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් තම යුතුකම සහ දැනුම මව් බිමේ අනාගත සුරක්ෂිත්භාවය වෙනුවෙන් යෙදු ඔහු රටට බරක් නැතිව ජීවත් වූ මිනිසෙකි , අභීත නායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනාගත පරපුරක් නිර්මාණය සදහා අවශ්‍ය දැක්මක් ද  ලබා දී තිබේ. වංචා, දූෂණ, අක්‍රමිකතා කිසිවක් සිදු කල බවට සටහනක්වත් නැත. වර්තමාන හමුදා සහ දේශපාලන නායකයන්ට පවා ආදර්ශයක් වෙමින් කාටත් පොදු සහ අයිති ධර්මතාවයට ඔහුද මුහුණ දෙන ලදී. මේ ශිෂ්ඨාචාරය පවතින තාක් කල් කිසිවෙකුට මකා දැමිය නොහැකි සටහන් ගණනක් තබා අවසන්  ගමන්  යන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බිහි වූ ලාබාලතම ගුවන් හමුදාධිපතිවරයා වූ , එයාර් චිෆ් මාර්ෂල් දේශමාන්‍ය පත්මන් හරිප්‍රසාධ මෙන්ඩිස් මහතාණෙනි,!!! ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලයේ අපි ඔබට අජරාමර නිර්වාන සුවය ප්‍රර්ථණා කරන්නෙමු.!!!

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version