English
සිංහල
05:00 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශාන්ත පාවුළු විද්‍යාල පරිපාලනයේ දූෂණ වංචා. දෙමාපියන් කල්ලි තුනකට කැඩිලා.  

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    බම්බලපිටිය, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස විදුහල්පති සහ උප සභාපති යන දෙදෙනාට එරෙහිව ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවන් විසින් අපට ලබා දෙන ලද අතිවිශාල සාක්ෂි මත වංචා, දූෂණ මෙන්ම නීතිවිරෝධී ලෙස මුදල් ලබා ගැනීම පිලිබඳව ලිපියක් ඉදිරිපත් කරන ලදී. එම ලිපියට ආදී ශිෂ්‍ය සංගමයේ උප සභාපතිනිය විසින් පිළිතුරු ඉදිරිපත්කර තිබේ. එසේම විවිධ නම් ප්‍රකාශ කරමින් ආදී ශිෂ්‍යාවන් යයි කියමින් කාන්තාවන් ගණනාවක්ම අප වෙත කතාකරමින් අපට චෝදනා කල අතර විවිධ තර්කද ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් එවන් වැදගත් පාසලක උගත් කාන්තාවන්ගෙන්  ඒ ආකාරයේ වචන මෙන්ම සපයා තිබෙන තොරතුරුවල සදහන් දේවල් තේරුම් නොගැනීම ඔවුන්ගේ සිතීමේ ශක්තියේ ඇති ගැටළුවක්   බවද කණගාටුවෙන් සඳහන් කල යුතුය.

    කෙසේ නමුත් ආදී ශිෂ්‍ය සංගමයේ උප සභාපතිනියද මුල් අවස්ථාවේම අපගෙන් ඉතාම සාමකාමිව ප්‍රශ්නකරමින් අපට පිළිතුරු දුන් අතර අප ඇයට එම සිද්ධිය සහ අපට ලැබී තිබෙන සාක්ෂි සඳහන් කරන ලද අතර අපට තොරතුරු ලබා දී තිබෙන ආදී ශිෂ්‍යාවන්ගේ අනන්‍යතාවය ද සුරකින ලදී.  එම සිද්ධිය සහ ලෝකයේ සැබෑ මාධ්‍යකරණය අප ඇයට තේරුම් කරදීමෙන් අනතුරුව ඇය අපගේ මාධ්‍යකරණය පිළිගෙන තිබුණි.

    අසීමිත ලෙස මුදල් ඉපයීම, විදුහල්පතිනියගේ නඩුවලට මුදල් ලබාදීම, දරුවන් ඇතුලත් කරගැනීමේදී 6 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් ලබා ගැනීම, මුදල් ඉල්ලීම, බලහත්කාරයෙන් මුදල් එකතුකිරීම, පාසලට දරුවන් බාරගැනීමට බලාපොරොත්තුවන ඉදිරි අවුරුදුවලට මුදල් එකතුකිරීම, එසේ මුදල් එකතු කිරීමේදී මුදල් ලබාදෙන ආදී ශිෂ්‍යාවන්ගේ දරුවන්ට පමණක් ප්‍රමුකත්වයක් ලබා දීම ආදී නීතිවිරෝදී කටයුතු ගණනාවක් අපගේ එම ලිපිය මගින් පෙන්වා දෙනු ලැබීය.  ඒවා සඳහා අපට පිළිගත හැකි පැහැදිලි සාක්ෂි 200 කට වඩා ලැබී තිබේ.

    අප එම ලිපිය මගින්  බම්බලපිටිය, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට හානියක් සහ අපහාසයක් කර තිබෙන බවට නූගත් ආදී ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු අපට ප්‍රකාශ කලද පාසල් පරිපාලනය දූෂිත නම් පාසල බිඳවැටෙන අතර පාසල් පරිපාලනය සහ පාසල යනු දෙකක් බව ඔවුන්ගේ බුද්ධියට නොදැනීම ද හරියටම ශ්‍රී ලංකාවේ රාජපක්ෂවරු මෙන්ම විවිධ දේශපාලඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගෙන් බහුතරක් හොරකම් කල බව ජනතාව තේරුම් නොගන්නා සේ කතාවකි. ඕනෑම කීර්තිමත් ස්ථානයක් විනාශවන්නේ දූෂිත පාලනයන් නිසා වන අතර හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාව බව ධානපති ආදී ශිෂ්‍යාවන්ට අප මතක් කර දෙන්නෙමු.

    උප සභාපතිනිය ප්‍රකාශ කරන පරිදි මුදල් එකතු කර තිබේ. මුදල් එකතුකරමින් ඒවා පාසලේ දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් භාවිතා කර තිබේ. ඇය ප්‍රකාශ කරන පරිදි වර්තමාන විදුහල්පතිනිය යටතේ මෙම පාසල විශාල වශයෙන් දියුණු කර තිබේ. අඩු ආදායම්ලාභී දරුවන් 10 දෙනෙකු සදහා ජංගම දුරකථන ලබා දීම, පාසලට බස් රථයක් ලබා ගැනීම, ප්‍රාථමික අංශයට පුස්තකාලයක්, ආදී ශිෂ්‍ය සංගමයට පරිඝණක ඒකකයක් ආදී ලෙස කටයුතු එම මුදල්වලින් සිදුකල බව ඇය ප්‍රකාශ කරයි.

    අඩු ආදායම්ලාභී දරුවන් වෙත ඔන්ලයින් අධ්‍යාපනය සදහා ජංගම දුරකථන ලබාදීම

    කෙසේ වෙතත් මෙහි ඇතිව තිබෙන ගැටලුව වන්නේ අසීමිත ලෙස මුදල් ලබාගැනීමයි. එසේම එම මුදල් ලබාගෙන තිබෙන්නේ බලපෑම්කරමිනි. ආදී ශිෂ්‍යාවන් කුමන තරාතිරමක සිටියත් පාසල වෙනුවෙන් යයි පවසමින්, හෝ පාසලේ සංවර්ධනය වෙනුවෙන් හෝ මෙසේ මුදල් එකතුකිරීම නීතිවිරෝදීය. අප සතුව තිබෙන සාක්ෂිවලට අනුව එසේ මුදල් එකතු කිරීම ආදී ශිෂ්‍යාවනට කරදරයකි. දෙමාපියන්ටද කරදරයකි. නමුත් යහමින් මුදල් තිබෙන ආදී ශිෂ්‍යාවන්ට සහ දෙමපියන්ට එය ගැටළුවක් නොවේ. එසේම මුදල් ලබා දී හෝ තම දරුවන් පාසලට ඇතුලත් කරගත් ආදී ශිෂ්‍යාවන්ට මෙම මුදල් එකතුකිරිම කරදරයක් වුවත් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් නිහඬව සිටි.

    ආදී ශිෂ්‍යාවන්ගේ සංගමය මගින් පාසල් දරුවන් වෙනුවෙන් මිලදීගෙන තිබෙන බස් රථය

    මෙම තත්වය ප්‍රසිද්ධ පාසල් මෙන්ම නගරයේ පාසල් සියල්ලේම දක්නට තිබේ. මෙම දූෂිත ක්‍රමය ඇතිකළේ දූෂිත පාලකයන් විසිනි. නගරයේ පාසල් ඉහලට ගැනීමේ තරඟය නිසා ග්‍රාමීය පාසල් වැසි යාමට සහ ඒවා දුර්වල වීමට මෙවැනි කටයුතු දැඩිලෙස බලපෑම් ඇතිකර තිබේ.   කෙසේ නමුත් ආදී ශිෂ්‍ය සංගම් මගින් පාසල්වල නාමයන් රැක ගනිමින් තම පාසල් ඉහලින්ම තබා ගැනීමට දැඩි කැපවීම් කරන බවද නොරහසකි. ශ්‍රී ලංකාවේ තිබෙන පාසල් සියගනණකින්  (15%) ක් පමණ ප්‍රමාණයක පමණක් ආදී ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මකව තිබුනත් තවත් ග්‍රාමීය පාසල් (85%) කම ආදී ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වන බවක් දක්නට නැත. එම පාසල්වල දියුණුවක් දක්නට නැත. එම පාසල්වල භෞතික තත්වය කෙසේ වෙතත් ඉගැන්වීම සදහා අවශ්‍ය ප්‍රමාණයෙන් ගුරුවරුන්වත් නැති අතර අධ්‍යාපන බලධාරීන්ගේ කටයුතු සිදුවන්නේද “කොළඹට කිරි ගමට කැකිරි” සම්ප්‍රදායටය.

    පාසල් දරුවන් වෙනුවෙන් සකසා තිබෙන ගිල කාමරය

    කෙසේ නමුත් CWW කන්නන්ර ප්‍රතිපත්තිය අනුව සෑම දරුවෙකුටම අධ්‍යාපනය සමසේ ලැබිය යුතුය. ආදී ශිෂ්‍ය සංගම් හරහා පාසල් සංවර්ධනය කිරීමේ නූගත් තීරණයන් නිසා සමස්ත පද්ධතියම දූෂණය වී තිබේ. ආදී ශිෂ්‍ය සංගම් පාසල් පරිපාලනය සමග අත්වැල් බැඳ ගැනීමේ ක්‍රමය නිසා මෙවැනි චෝදනාවලට ලක්වීමට ඔවුන්ට සිදුවේ. නමුත් මේ කිසිදු ක්‍රමයක් තුලින් මානව දයාවෙන් යුතු දරුවන් බිහිනොකරන අතර පාසල්වලට ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර පමණක් ගොඩගසා තිබෙන බවට තිබෙන හොඳම සාධකය නම් වර්තමාන තරුණ පරපුරේ දැවැන්ත විනාශයයි.  සියලුම දරුවන්ට සම අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම් ආදී ශිෂ්‍ය සංගම් හෝ වෙනත් කල්ලි සහ කණ්ඩායම් විසින් පාසල් පරිපාලනයට බලපෑම් නොකරන අතර ආදී ශිෂ්‍ය සංගම්ද අවශ්‍ය නොවේ.  

    ශාන්ත පාවුළු විද්‍යාලයේ දෙමාපියන් මේ වන විට කොටස තුනකට කැඩී ගොස් තිබේ. ආදී ශිෂ්‍ය සංගමයේ කණ්ඩායම් දෙකක් සහ ආදී ශිෂ්‍ය නොවන දෙමාපියන්ගේ දරුවන් ලෙස එසේ කොටස් වලට කැඩී තිබේ. පාසලේ කටයුතු ආදී ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවීම පිලිබඳවද ස්වාධීන දෙමාපියන් අපට කතා කර විරෝධතා ඉදිරිපත්කර තිබේ. එසේම ආදී ශිෂ්‍යාවන්ගේ සංගමයේ සමහර දෙමාපියන් අපට කතා කර “රුපියල් 5000 ක් කියන්නේ මහා ලොකු ගාණක් නෙවෙයිනේ” ලෙසද ප්‍රකාශ කරන ලදී. ආදී ශිෂ්‍ය සංගමය කෙතරම් සංවර්ධන කටයුතු කර තිබුනත් පාසල තුල සිදුවන කටයුතු සිදුකරනුයේ දෙමාපියන්ගෙන් මුදල් එකතුකරමින් නම් ඒ පිලිබඳව අප්‍රසාධයක් ඇතිවීම වැලක්විය නොහැක. දෙමාපියන් සියලුම දෙනාම ධානපතින් නොවන බවද කවුරු කවුරුත් මනාව දැනගෙන කාටයුතු නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙවැනි විරෝධතා ඇතිවන බව එම වැදගත් පාසලේ උගත් ධානපති ආදී ශිෂ්‍යාවන් මනාව වටහා නොගැනීම මතු දිනයක ඔවුන්ගේ කටයුතුවලට එරෙහිව නීතිය පවා ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ.

    කෙසේ වෙතත් ලංකාවේ නීතියක් තිබේ. මෙසේ බලපෑම්කරමින් මුදල් එකතු කිරීම සාපරාධි වරදකි. එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 51 හෝ  86 වැනි වගන්තීන් යටතට ගත නොහැක. නමුත් එම පනතේම 100, 109, 112, 120, 138, 158, 161, 162, 180, 289,330, 340,341, 312, 346, 372, 374, 378,386 388, 398 ආදී වගන්ති ගණනාවකින්ම ආදී ශිෂ්‍ය සංගම්වල ප්‍රධාන නිලධාරීන්ට නඩු පැවරිය හැකිය. එබැවින් කල යුත්තේ සැමට සාධාරණ ලෙස, දෙමාපියන්ගෙන් ඕනෑවට වඩා මුදල් එකතු කිරීම නතරකොට වෙනත් වෙනත් උපක්‍රම ඔස්සේ තම පාසල ඉදිරියට අරගෙන යාමය. එසේම ඉදිරියේදී පත්වන රජයන් හෝ මේ වැරදි ප්‍රතිපත්ති නැවැත්විය යුතුය. මෙය ශාන්ත පාවුළු විද්‍යාලය මගින් පමණක් නොව ලංකාවේ නාගරික සියලුම පාසල්වල පාහේ සිදුවන පීඩාකාරී ක්‍රමයකි.  දෙමාපියන්ගේ බෙල්ල මිරිකා සූරා කෑම අපද අනුමත නොකරන නමුත් යහපත් ලෙස, තමන්ගේ ක්‍රියාවලිය ප්‍රකාශ කිරීම පිලිබඳව ආදී ශිෂ්‍යාවන්ගේ සංගමයේ උපසභාපතිනියට අපගේ ප්‍රණාමයද පළකරන්නෙමු. එසේම ලංකාව පුරාම සිදුවන මේ වැරදි ක්‍රමය නැවත්වීමට දැන්වත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කල යුතුය. එසේ නොමැති වුවහොත් ඊ ලඟ අරගලය ලෙස දෙමාපියන් පාරට බසින්නේ මේ ක්‍රමයන්ට එරෙහිව විය හැකිය.  පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා විදුහල්පතිවරුන් හෝ ආදී ශිෂ්‍ය සංගම්වලටම දොස් පවරා පලක් නැත. නැවැත්විය යුත්තේ පාලකයන් පෙන්වා දෙන ලද මේ දූෂිත ප්‍රතිපත්තීන්ය. ඒවා වැරදි බව වටහාගෙන කටයුතු කිරීම ආදී ශිෂ්‍ය සංගම්වල සභාපතිගේ සිට සියලුම සාමාජිකයන්ගේ වගකීමකි.

    https://www.ravanalankanews.lk/16147/10/16147/19/23/
    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version