වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යහපාලන සමයේදී හම්බන්තොට ප්‍රදේශයේ ඇති ප්‍රධාන අලිමංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කරමින් සිහරජගම නමින් උදා ගම්මානයක් ඉදිකර ඇති බව පරිසර වේදී සජීව චාමිකර මහතා පවසනවා.
මේ හේතුවෙන් අලි ඇතුන්ගේ මෙන් ම මිනිසුන්ගේ ජීවිත ද බරපතල අර්බුධයකට ලක්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සජීව චාමිකර මහතා මෙම අදහස් පළකර ඇති අතර හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය ඉදිකිරීමේ කටයුතුවලට ද ඔහු බාධා කර ඇති බව සඳහන් කර තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩීයෝව නරඹන්න.













































