අද (20) ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයෙක් තෝරා පත්කරගැනීමේ චන්දය අවසන් වී තම ප්‍රකාශය කරමින් රට තුළ ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් පමණක් බවද, මෙම පාර්ලිමේන්තුව තුල පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනවරම බවද ප්‍රකාශ කරන ලදී.
මෙහිදී නව ජනාධිපති ලෙස තෝරා පත්වු රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කිරීමටද ඔහු අමතක නොකළේය. දේශපාලන ප්‍රතිසංස්කරණයක් රට තුල සිදු විය යුතු බවද, ව්‍යවස්ථාමය ක්‍රියාදාමය පාර්ලිමේන්තුව තුළ සිදුවුණත් මහ පොළොවේ මතය ඉතා කනගාටුදායක බව ද රට ගොඩගැනීමට විපක්ෂයක් ලෙස ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
“අපි තරයේ විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු විය යුතුයි කියල. රටක් තුළ කැළෑ නීතිය ක්‍රියාත්මක වීමට බෑ. රටක් තුළ ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක්. ඒ තුළින් තමා ඩලස් අලහප්පෙරුම මැතිතුමා අපේක්ෂකවරයෙක් ලෙස ඉදිරිපත් වුණේ. මාවත් යෝජනා වුණේ අපේක්ෂකයෙක් වගේ ඉදිරිපත් වෙන්න. නමුත් අපි හොඳට අංක ගණිතය දන්නවා. අපි හොඳට දන්නවා 2020 මහ මැතිවරණ ප්‍රතිඵලය. ඒ කරුණු හේතුකොට ගෙන ප්‍රගතිශීලි අදහස් දරණ පුද්ගලයෙක් හැටියට ප්‍රචලිත ඩලස් අලහප්පෙරුම මහතා, පොහොට්ටු පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වෙනකොට අපි අපේ අපේක්ෂකත්වය පසෙක තබලා මේ රටේ පරිවර්තනාක්මක යුගයක්, අලුත් සංස්කෘතියක් ක්‍රියාත්මක කිරීමට අපි අඩියක් පස්සට ගත්තා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරමයි මේ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ. ඒක අමතක කරන්න එපා. ජයග්‍රහණය තුළ ඒක අමතක වෙන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමාගේ විධායක දිනුමයි ඒ තුළ තියෙන්නේ. මහපොළොවේ මතය මේ සභාගර්භය තුළ තිබෙනවා ද නැද්ද කියන එක ප්‍රශ්නයක්. මේක තමා සත්‍යයත්. එය ව්‍යස්ථානූකූලව අනුගමනය විය යුතුමයි. ඒකේ පරස්පර මතයක් බෑ.” ලෙස ප්‍රකාශ කරන ලදී.














































