English
සිංහල
18:03 සිකුරාදා, ජූනි 26, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සජිත් රට බාරගෙන “අතීසාරෙට අමුඩේ ගසයිද?”. “ ඉඟුරු දී මිරිස් ගත්තා” සේ නොවීමට නම් කුමක් කල යුතුද?.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජන පීඩක ආණ්ඩුවට ගෙදර යන ලෙස ජනතාව බලකරමින් සිටියදී , මේ වන විට නීතිවේදීන් ඇතුළු ප්‍රගතිශීලි කණ්ඩායම් මෙන්ම ජනතාවාදී දේශපාලඥයන් මෙරට ගොඩනැගීම සදහා එක් අරමුණකට පැමිණීමට විශාල වෙහෙසක් දරමින් සිටි. දැනට තිබෙන නීත්‍යානුකූල ජනමතය අනුව රජය අපොහොසත් නම් විපක්ෂය ලෙස වැඩිම ජනවරමක් තිබෙන සජිත් ප්‍රේමදාස මහතාට රජය බාරගැනීමට සිදුවේ.

    රජය බාරගැනීමට ඔහුද අකමැත්ත පලකරන්නේ නම් 225 ම අත්සන් කර නැවත මැතිවරණයකට යා යුතු වේ. කෙසේ වුවත් ලබන පෙබරවාරි මාසයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැනට තිබෙන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට හැකිය.

    කෙසේ වුවත් ජාත්‍යන්තර ආධාර සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් උදව් උපකාරගෙන රට ගොඩ නැගීමට නම් ස්ථාවර රජයක් මෙන්ම ජනතා විරෝදී නැති ආණ්ඩුවක් පිහිටුවීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. ඒ සදහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රධාන තනතුර වන්නේ සජිත් ප්‍රේමදාස නොහොත් විපක්ෂ නායකවරයා වේ.

    සජිත් ප්‍රේමදාස මහතා රට බාරගෙන ඉදිරියට යාමට මෙන්ම 2025 ඔහුගේ ජනාධිපති සිහිනය සැබෑ කරගැනීමට නම් ප්‍රථමව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අහෝසිකර 19 වැනි ව්‍යවස්තාව 21 වෙනි ආණ්ඩුක්‍රම නීතිය ලෙස සම්මත කරගැනීමට ඔහු ප්‍රථමව කල යුතුය.

    ඉන් අනතුරුව අමාත්‍යවරුන් පත් කිරීමේදී සජිත්ගේ පිලට පැරණි අමාත්‍යවරුන්ම පත්කර ගත හොත් දැනට පවතින රජයටත් වඩා හිරවිල්ලක් ඔහුටද අත්වී 2025 ජනාධිපති සිහිනය බිඳවැටීම පමණක් නොව ඔහුටද “ බෑ’ යන වචනය ප්‍රබල ලෙස සමාජ ගත වනු ඇත.

    මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා කල යුත්තේ අධිකරණ, වෙළද, අධ්‍යාපන වැනි ප්‍රධාන අමාත්‍යදූර හිටපු ඇමතිවරුන්ටම දීමෙන් වැළකීමයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය හිටපු අධිකරණ ඇමතිනිය වන අතර එතුමියම නැවතත් අධිකරණ අමාත්‍යවරිය ලෙස පත් කරගත හොත් ජනතා ඉලක්ක නොහොත් 225 ම එපා යන අරුතට තවත් අරුතක් එකතුවෙමින් දැනට පවතින අරගල දිගටම පවතිනු ඇත. රාජපක්ෂලා බිත්තියටම හේත්තු කල තරුණ අරගලකරුවන් සජිත් මුහුදටම තල්ලු කරනු ඇත. අධිකරණ වෙත සිදුකර තිබෙන බලපෑම් මෙන්ම එකල සිදු වූ තවත් බොහෝ කාරනා අප සතුව තිබේ. එවැනි කටයුතුවලට ලක් වී අසාධාරණයට ලක් වූ පුද්ගලයන් ඒවා අප වෙත ලබා දී තිබේ. නමුත් සජිත් ප්‍රේමදාස මහතා කල යුත්තේ ජනතාව ඉල්ලන අලුත් මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දී අලුත් මැතිවරණයකදී ඇමතිකම් ලබා දීමට පොරොන්දුව ලබා දී තමන්ගේ මන්ත්‍රීවරු පාලනය කර ගැනීමටයි.

    එසේම ඛනිජ තෙල් වැනි අමාත්‍යංශ අරාබි රටවල් සමග සහයෝගී ඇති එහෙත් විවිධ වංචා දූෂණ මෙන්ම අන්තවාදී අදහස් තිබෙන බවට චෝදනා නැති මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙකුට ලබා දීම සුදුසුය. එසේම ආගමික නායකයන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් තුලින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ආධාර උපකාර ලබා ගත හැකිය. ඒ සදහා ශ්‍රී ලංකාව පිළිගත් ඕමල්පේ සෝභිත හිමි වැනි හිමිනමක්, කතෝලික පූජක තුමෙක්, ඉස්ලාම් මෙන්ම හින්දු ආගමික පූජකවරුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් පත් කරගැනීම තුලින් මෙන්ම අවංකභාවය තුලින් මාස 6 ක් යාමටත් ප්‍රථම මෙරට යථා තත්වයට පත් කරගත හැකිය. ඒත් සමගම පවතින ආරවුල් වැඩි කිරීමට කටයුතු කරන යම් යම් කල්ලි සහ පුද්ගලයන්ට මෙන්ම රාජ්‍ය සේවකයන්ටද විරුද්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ සදහා සැලසුම් සැකසිය යුතුය.

    මේ සියල්ලටම වඩ වැදගත් වන්නේ නීතිය නිසි ලෙසම ක්‍රියාත්මක කිරීමයි. එය නාමල්ට, හෝ රාජපක්ෂ හෝ වෙනත් අය වෙනුවෙන් අධිකරණයට බලපෑම් නොකරන ලෙස කටයුතු සිදු විය යුතුය. අධිකරණවල මෙන්ම පත්වන අධිකරණ ඇමතිගේ දුරකථන ආදිය පටිගත වන ලෙස සැකසිය යුතුය. මේ අකාරයෙන් සියලුම කටයුතු මැනවින් හදුනාගෙන කල යුතුය. ඒ අතර මිරිහානේ සිදුවීම පිලිබඳව මෙන්ම පවතින සහ පැවති සියලු වංචා දූෂණ අක්‍රමිකතා සහ සමාජ අසාදාරනකම් සෙවීම සදහා ජනතාවට පැමිණිලිකර හැකි ලෙස විමර්ශන මණ්ඩලයක් පත් කර ඒ සදහා තේරීම් කාරක සභාවක් පත් කිරීමටද සිදු වනු ඇත. අසාධාරණයට ලක් වුවන් සඳහා සහන දීමත් වැරදි වැඩ සිදු කල පුද්ගලයන්ට විරුද්දව දඩුවම් ක්‍රියාත්මක කිරීමටත් වැඩ පිළිවෙලක් වහාම සැකසීම අත්‍යාවශ්‍ය වේ.  

    මෙහිදී “ගෝඨා ගෝ හෝම් ” යන ජනතා සටන් පාඨය නැති කිරීම ලේසි නොවනු ඇත. නීතිවේදීන් මෙන්ම අනෙකුත් පුද්ගලයන් කුමක් සඳහන් කලද තරුණයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා මෙන්ම අරගලය නිමා කිරීම සඳහා ඔවුන්ව සෑහිමකට පත් කල යුතුය. ඒ සදහා තරුණ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුව තුලින් සම්මත කිරමට ද සිදුවනු ඇත. එය සම්මත කර එහි සඳහන් කර තිබෙන කටයුතුවලට අනුව සියල්ලම සැකසීමෙන්, ස්ථාපනය කිරීමෙන් ගැටළු ඇති නොවනු ඇති අතර තරුණ අරගල සඳහටම නවතිනු ඇත. ඒ අනුව අලුත් පරපුරක් බිහිකිරීම වෙනුවෙන් ජනතාවගේ කායික මානසික මෙන්ම ආධ්‍යාත්මික සුවය ගොඩනැගිය හැකි අතර අප බලාපොරත්තුවන ජනතාවාදී රටක් අපට නැවත හිමි වනු ඇත.

    විශේෂයෙන්ම සමාජ විද්‍යාඥයන් මෙන්ම පැරණි ආර්ථික විශේෂඥයන්ගේ දැනුමද අවශ්‍ය වන අතර සමාජ විද්‍යාව උගත් ආර්ථික විශේෂඥයන් මෙන්ම තරුණ සහ ප්‍රජා සංවර්ධනය පිළිබදව උගතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් වෙනමම පත්කරගැනීමට ද කටයුතු කල යුතු අතර සියලුම අංශයන් කෙරෙහි අවධානය යොමු නොකිරීමෙන්, වැඩ පිළිවෙලක් නොමැති වීමෙන් සජිත්ගේ ආණ්ඩුවටද ආයුෂ වැඩි කල් නොපවතිනු ඇති බව සජිත්ගේ පිලේ සියලුම දෙනාද මනාව වටහා ගත යුතු අතර, එය බිඳ වැටුනහොත් සජිත්ගේ පිලේ සියලුම මන්ත්‍රීවරුන්ද ඊ ලග පාර්ලිමේන්තුවේදී මැතිවරණයේදී විශ්‍රාම ගැන්වීමට ජනතාව කටයුතු කරනු ඇත.  

    එබැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ බලාපොරොත්තුව වන්නේ අරගල අවසන් කිරීමට නම් ප්‍රථම ආණ්ඩුක්‍රම නීතිය වෙනස් කිරීමත්, දෙවෙනුව ජනතාව ඉදිරියේ දෝෂදර්ශනයට  ලක් නොවූ අලුත්ම අමාත්‍යවරු පත් කරගැනීමට කටයුතු කර යුතුව තිබේ. එසේ නොමැතිව තීරණ ගත හොත් මේ අරගල දිගින් දිගටම පවතිනු ඇත.

    හොද නවක මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් ලෙස පත් කරගනිමින්, වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතාවලට එරෙහිව ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින්, ආගමික වශයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිදුව තිබෙන වංචා දූෂණවලට පවා විරුද්දව ගත යුතු ක්‍රියාමාර්ග ගෙන, තරුණ අරගල නිමා කිරීමේ විද්‍යාත්මක ක්‍රමෝපායන් අනුව , දීර්ගකාලින මෙන්ම කෙටිකාලින ක්‍රියාමාර්ග ඉක්මනින් නොගතහොත් සජිත් ප්‍රේමදාස මහතා පිහිටුවන රජයට ආයුෂ කෙටිවනු ඇත. “ඉගුරු දී මිරිස් ගත්තා හා සමාන” සජිත්ගේ ආණ්ඩුවත් “අතීසාරෙට අමුඩ ගැසුවා වාගේ” යන්න අනාගතේදී ලිවීමට නොවේවා යන්න මානව හිතෛෂි අපගේ පැතුමයි.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමයේ සාමාජික

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නවිශේෂවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version