ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර අවබෝධතා ගිවිසුම ඇති කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක් විය යුතු බවට ප්‍රබල මතයක් මේ වන විට එම පක්ෂ දෙකෙහිම ප්‍රබලයින් පිරිසක් නායකයින් දෙදෙනාටම ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ .
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව එක සන්ධානයක් ලෙස කටයුතු කිරීම වඩාත් සුදුසු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කර ඇත්තේද මේවන පසුබිමකය .
තම පෞද්ගලික මතය නම් මෙම පක්ෂ දෙක අවබෝධතා ගිවිසුමට එකතුවීම වඩා සුදුසු බවද බවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති එකම නිසා ඒ වාසිය වෙනත් බලවේග වෙත නොයා යුතු බවත් ඒ මහතා කියයි.
අන්තවාදී පක්ෂවලට අනියමින් හෝ සහය දැක්වීම සුදුසු නැති බවත් බෙදී සිටීමේ වාසිය ඔවුන්ට යන බවත් පවසන ඒ මහතා මෙම පක්ෂ දෙක එකතුවී ඉදිරියට යා යුතු බව තම මතය බවද කියා සිටියේය.
සරත් සමරනායක.














































