අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක මිල ගණන් සතොස මගින් තවත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස වාර්තා කරයි.
ඒ අනුව වටානා පරිප්පු කිලෝවක මිල රු.10 කින් ද , සුදු කැකුළු සහල් කිලෝවක මිල රු. 5 කින් ද , රතු කැකුළු සහල් කිලෝවක මිල රු. 5කින් ද , දේශීය සුදු නාඩු සහල් කිලෝවක මිල රු. 4කින් ද අඩු කළ බව ලංකා සතොස ප්‍රකාශ කරයි.
ඒ අනුව වටානා පරිප්පු කිලෝවක නව මිල රු . 305ක් ද , සුදු කැකුළු සහල් කිලෝවක නව මිල රු. 179 ක් ද , රතු කැකුළු සහල් කිලෝවක නව මිල රු. 164ක් ද , දේශීය සුදු නාඩු සහල් කිලෝවක නව මිල රු. 180ක් ද වන බව ප්‍රකාශ කළ අතර මිල ගණන් අද (9) සිට ක්‍රියාත්මක බව කියයි.