අද (14) දිනයේ සිට දිවයිනේ සියලුම ශාඛා ජාල ඔස්සේ මෙම උත්සව සමය සඳහා විශාල මිල අඩු කිරීමක් සමග සතොස සහන මල්ලක් අලෙවි කිරීමට සැලසුම් කර ඇත.
එම සහන මල්ල සඳහා භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් කර ඇති අතර සහන මලු ලක්ෂයක් පමණ මෙසේ අලෙවි කිරීමට සැලසුම් කර ඇත.
එම භාණ්ඩ සියල්ල රු.3,998ක් වැනි මිලකට ලබාගත හැකි අතර ඉන් පාරිභෝගිකයාට රු.1,750ක වැනි වාසියක් හිමිවන බව ද වෙළඳ අමාත්‍ය බන්ඳුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව එම සහන මල්ලට ඇතුළත් භාණ්ඩ වන්නේ,
සුපිරි සම්බා කිලෝ 10ක්
සුදු සීනි කිලෝ 1ක්
රතු පරිප්පු කිලෝ 1ක්
ඉඳිආප්ප පිටි කිලෝ 1ක්
හාල්මැස්සන් ග්‍රෑම් 500ක්
නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්
මේස ලුණු ග්‍රෑම් 400ක්
පොල් ගෙඩි 02ක කිරි
සෝයා මීට් ග්‍රෑම් 90ක්
පපඩම් පැකට් 01ක්
මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
තුනපහ කුඩු ග්‍රෑම් 100ක්
කහකුඩු ග්‍රෑම් 100ක්
තේ කොළ ග්‍රෑම් 100ක්
සුවඳ සබන් කැටයක්
සතොස සබන් කැටයක්
දෑත් සෝදන දියර
සතොස රෙදි සෝදන සබන් කැටයක්
මුහුණු ආවරණ 10ක්













































