සතොස හරහා අලෙවිකරනු ලබන ආනයනික සම්බා කිලෝවක් රු.02.00 කින් පහළ දැමීමට පියවර ගත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව රු.130.00 කට අලෙවි කෙරුණු ආනයනික සම්බා කිලෝවක් අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි රු.128.00කට අලෙවි වනු ඇත.
ආනයනික සම්බා කිලෝ 10ක ප්‍රමාණයක් සතොස අලෙවිසැල් තුළින් ජනතාවට ලබා ගැනීමේ හැකියාව ඇති බව වෙළඳ අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර ඇත.
අද (29) පෙරවරුවේ පිටකොටුවේ සහත් තොග වෙළඳසැල්වල සහල් තොග මිල සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇති අතර එහි දී මෙම අදහස් දක්වා ඇත.













































