ඊයේ(13) ගල්කිස්ස පොලිසිය රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන ආකාරයට මෙම වැටලීම සිදු කර ඇත්තේ ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මතයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 27ක හා 32ක වයස්වල පසුවන පදියතලාව හා අම්පාර ප්‍රදේශයන්වල පදිංචිකාරියන් වේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරනු ඇත.














































