සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම්හෙවත් “සර්පයා” නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ, 1999 වසරේ රත්නපුර – කලවාන ප්‍රදේශයේදී හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයාට වෙඩි තබා ඝාතනය කර මෝටර් රථයක් තුළ පිළිස්සීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
එහිදී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශන නිසියාකාරව සිදුකිරීමට පොලිසිය අපොහොසත් වීම හා අධිකරණ වෛද්‍ය සාක්ෂි ද විශ්වසනීයත්වයෙන් තොර බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන් කළා.
මිනීමැරුම් චෝදනා ලබා සිට නිදහස් ප්‍රේමලාල් ජයසේකර මහතාද රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර හසිත මුහන්දිරම් සහ ප්‍රේමලාල් ජයසේකරද නිවිතිගල සහ කලවාන ප්‍රදේශවලම පදිංචිකරුවන් වේ.
















































