ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
දේශපාලන පක්ෂ 07 ක් ඊට සහභාගී වන බව තහවුරු කර ඇතැයි වාර්තා වෙයි. ඒ අතරට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයත් වේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක් සමුළුවට සහභාගී නොවීමට තීරණය කර තිබේ.
කෙසේ වුවත් රට මේ තිබෙන තත්වයෙන් ඉදිරියට ගැනීමට නම් සියලු බේද ඉවත දමා කටයුතු කල යුතුව තිබෙන බැවින් රජය පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයන් එකතුව වැඩ කිරීමේ අවශ්‍යයතාවය ඉහලින්ම තිබේ. සියලු එදිරිවාදිකම් අත් හැර සියලුම දෙනාගේම එකතුවෙන් තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීමට හැකි වන අතර එය මනාව අවබෝධ කර ගත යුතුය.
ජනාධිපතිතුමා මේ ගන්නා උත්සාහයන් වලට අවශ්‍ය සහයෝගය නොලැබීමෙන් ජනතාව තව තවත් පීඩාවට ලක්විය හැකි බව විපක්ෂ බලවේග තේරුම් ගෙන කටයුතු කල යුතුය.














































