ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම පුද්ගලයා ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයෙකු බවයි.
එමෙන්ම මෙසේ අත්අඩංගුවට ගැනුනු පුද්ගලයා පසුගිය ඔක්තෝබර් මස 23 වනදා තමිල්නාඩුවේ සිදු වූ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් සමග ද මොහු සමීප සබඳතා පවත්වා ඇති බව ද සඳහන් වේ.















































