මේ වන විට මෙරට තුළ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙලෙන්ඳන් පවසයි.
මෙනිසා අමාත්‍ය මණ්ඩලය විසින් ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙලෙස සහල් ආනයනය කිරීමට යෝජනා කර ඇත්තේ විවෘත වෙළඳපොළ තුළ ප්‍රමාණවත් සහල් තොග පවතින බවට තහවුරු කර ගැනීම සඳහා ය.
වෙළඳ අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර , නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් මේ අනුව ආනයනය කිරීමට නියමිතව ඇත.