පහු ගිය දින කිහිපයේ සිට සහල් මිල සීඝ්‍රයෙන් ඉහල යමින් තිබේ. රට තුල සහල් හිඟයක් නොමැති වුවද සහල් මිල සීඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව අප කල ගවේෂණයකදී අනාවරණය විය.
ඒ අනුව 2021 01 05 වන දින වෙලදපොලේ සහල මිල 140 , 150 වැනි මිල ගණන් වලටද , 2021 01 06 දින වනවිට එය 150 , 160 ලෙසද, 2021 01 07 දින වන විට එය 155, 165 ලෙසද 2021 01 07 වන විට එය 165 , 175 ලෙසද සදහන් විය .
අද උදැසන වන විටද ඊයේ (08) පැවති මිල ගණන්ම දැක ගැනීමට හැකියාව ලැබුණි. කෙසේ වුවද ප්‍රදේශයෙන් ප්‍රදේශයට , ආයතනයෙන් ආයතනයට, මෙන්ම සහල් වල තත්වයට අනුව මිලෙහි වෙනස්කම් දැකිය හැකිය.
ඊට අමතරව අපට හමු වූ වෙළදසල් කිහිපයක සහල් නිකුත් කිරීමේ සීමාවන්ද දක්නට ලැබිණි. එක් වෙළදසලක එක් පුද්ගලයෙකු වෙනුවෙන් සහල් කිලෝ ග්‍රෑම් 5 ක් පමණක් නිකුත් කරන බවද දක්නට ලැබිණි. එම වෙළදසල් හිමිගෙන් ඒ පිලිබදව විමසු විට , ඔහු ප්‍රකාශ කලේ ඔහු ලග සහල් සීමිත ප්‍රමාණයක් තිබෙන බැවින් එසේ විකුණන බවයි.
කෙසේ වුවද, මේ තත්වය දිගින් දිගටම පැවතුනහොත් එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රුපියල් 250 සීමාවද ඉක්මවා යා හැකිය. එබැවින් මේ තත්වයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සදහා යම් සුවිශේෂී කටයුතු සිදු කිරීමට රජයේ අවධානය යොමු වනු ඇති බවට ද යම් යම් ප්‍රකාශ වලින් කියවෙන බැවින් ජනතාව ඒ කෙරෙහි විශ්වාසය තබා සිටිති.