ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා ප්‍රකාශ කළේ නිදන්ගත ස්නායු රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින් මෙතෙක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් එන්නත් කරණයට යොමු වන ලෙසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා,
“නිදන්ගත ස්නායු රෝග වලින් පෙලෙන සමහර අය, උදාහරණයක් ලෙස අගාතය, පකින්සන් ඩිසීස්, ඉවෙන්ශියා. මේ කියන රෝගීන් දන්නවා තමන්ගේ රෝගී තත්ත්වය. මෙවන් වූ රෝගී තත්ත්ව තියෙන කෙනෙක් සමහරවිට හිතේ ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන් මේ එන්නත ලබා ගැනීම සුදුසු ද මේ එන්නතෙන් හානියක් සිදු වෙනවද කියන එක ගැන. එන්නත මගින් ස්නායු සංකූලතා ඉතාමත් නොසැලකිය හැකි මට්ටමක පවතින්නේ. ඉතාම කලාතුරකින් තමයි එහෙම තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා නිර්දේශයක් විදියට ඔබ නිදන්ගත ස්නායු රෝගයකින් පෙනෙනවා නම් ඔබ ළගම තියෙන තැනට ගිහින් කුමක් හෝ එන්නතක් ලබා ගැනීම තමයි දැනට තියන ගැලවුම.”















































