ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් හෙද – පරිපූරක සහ අතුරු වෛද්‍ය ඇතුළු රෝහල් සේවා 18 ක සේවකයන් අරඹා ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබේ.
ඊයේ උදැසන ආරම්භ කල මේ වර්ජනයේ ඉල්ලීම් ගැන සාකච්චා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කරයි.













































