පොදුජන පෙරමුණේ මහා ලේඛම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කිරීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය සකසා මන්ත්‍රීවරුන්ට පාරේ බැහැලා යාමට හැකි පරිසරයක් ගොඩ නැගිය යුතු බව ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගියදා ඩේලිමිරර් පුවත් පතටයි. ඔහු වැඩි දුරටත් එහි සදහන් කර තිබෙන්නේ පාර්ලිමෙන්තුවට ඇතුල් වීමට ඉඩ නොදෙන හෝ ජනාධිපතිවීමට ඉඩ නොදෙන නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කරගනිමින් මෙවැනි ව්‍යවස්ථා කෙටුම් පත් නොකළ යුතු බවයි.
එසේම යෝජිත 21 ට අනුමැතිය ලබා දීමට එය විශ්ලේෂණය කල යුතු බවත් රටේ ආර්ථිකය විසඳීමට රජයක් පිහිටුවීමට පොහොට්ටුවේ සහාය රනිල් වික්‍රමසිංහට ලබා දුන් බවද සදහන් කරන ඔහු “ පළමුව ආර්ථික අර්බුධය විසදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාරේ බැහැල නිදහසේ ගමන් කිරීමට සහ සිතීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරන්න . එවිට ආණ්ඩුක්‍රම සංශෝධනයක් ගැන කතා කල හැකියි” ඔහු ලෙස ඔහු පවසයි.
එසේම එයින් කියවෙන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට අවසානයේ සහාය නොදෙන බව ඉන් ප්‍රකාශ නොවන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.
එසේම මීට පෙර සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන ලද්දේ “ පොහොට්ටුවේ සිටින්නේ ගැහුවොත් ගහන අය” බවයි. එසේම එසේම මෙරට මේ ප්‍රපාතයට ඇද දමිමින් ජනතාව විනාශ කරමින් ඔවුන්ටද නිදහසේ ගමන් කිරීමට තිබෙන අවකාශය නැති කරගත්තේ ඔවුන්ගේම අශික්ඛිත මැර ක්‍රියාවන් බවද, රටේ පෝලිම් යුගයක් ඇති කරමින් ජනතාව විනාශ කලේද ඔවුන්ගේම අදක්ෂ පරිපාලනය නොහොත් රට ගැන සිතා වැඩ නොකිරීම බවද තවමත් තේරුම් ගෙන නැති බව හෝ දනී නැති බව පැහැදිලිය.