*** සාමකාමී විරෝධතාවය ප්‍රචණ්ඩකාරී වුණේ පොලිසියේ වරදින් – හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හෙළිකරයි
*** විරෝධතා මර්ධනයට පොලිසිය අරගෙන එන පොලිස් ආඥා පනතේ ගැටළු රැසක් – වහා සංශෝධනයක්
විරෝධතා මර්දනය කිරීම සඳහා යයි පවසමින් පොලිසිය සිදු කරන මැදිහත් වීම් හේතුවෙන් ප්‍රචණ්ඩකාරී තත්වයන් නිර්මාණය වන බවත් එහි වගකීම පොලිසියට දැරීමට සිදුවන බවත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ එහි වරද ඇත්තේ පොලිසිය අතේ නොව පොලිසියට ඉහලින් නියෝග ලබා දෙන පිරිස අතේ බවයි.
මේ වන විට මහජන විරෝධතා මර්ධනය කිරීම සඳහා පොලිසිය විසින් යොදා ගන්නා පොලිස් ආඥා පනතේ ගැටළු රැසක් ඇති බවත් 1865 වසරේ ඉංග්‍රීසි පාලකයින් විසින් සිය බලය තහවුරු කිරීම සඳහා ගෙන ආ මෙම පනත මේ වන විට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මුලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර රීතීන් රැසක් සමඟ ගැටෙමින් පවතින බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොලිස් ආඥා පනත මගින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට වූ තීන්දු රැසක්ද මේ වනවිට ලැබී ඇති බව ද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.
විරෝධතාවය යෙදීමේදී කිසිවකු පොලිසියෙන් අවසර නොගත යුතු බවත් විරෝධතාවයට පැය 6 කට පෙර අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානය ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයක්ද මතු කර දක්වමින්.














































