මේ දිනවල පවතින අයහපත් සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇත.
ඊයේ (09) දිනයේ දී 11 හැවිරිදි පුතු කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ උපකාරක පන්තියක් වෙත රැගෙන ගොස් එමින් සිටින අතරතුරේ දී මෙම අනතුරට ලක්ව ඇත.
මාදම්පේ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු සිදුකළ මියගිය දරුවා ශිෂ්‍යත්ව විභාගය ද ඉහලින්ම සමත් වී සිටි අතර ඉගෙනුම් කටයුතු සඳහා දක්ෂ දරුවෙක් බවයි එම ගම්වාසීන් සදහන් කරන්නේ.
පිය පුතු දෙදෙනා සෙවීම සදහා කුලියාපිටිය පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුම් දියත් කළ අතර ගම්වාසීන් ද ඊට සහය වී ඇත.















































