පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් බිරිද ඝාතනය කල පුවතක් බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.
බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීරණයේ දී සැමියා තම බිරිදට ආයුදයකින් පහර දී ඊයේ (13) රාත්‍රියේ දී ඝාතනය කර ඇති බවයි පොලීසිය සදහන් කරයි.
පහර කෑමෙන් කාන්තාව මියගිය පසු ඔහුද තුන්වන මහලෙන් බිමට පැන ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඔහුද මියගිය බව පොලිසිය සදහන් කරයි. මිය ගිය කාන්තාව 32 හැවිරිදි වියේ පසු වූ අතර සිද්ධිය සම්බන්දයෙන් බොරැල්ල පොලීසිය විමර්ෂණයක් ආරම්බ කර තබේ.














































