සිංහල, දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් කරනුලබන සංස්කෘතික වශයෙන් බක් මාසයේ සමරනු ලබන අතර මෙම සිරිතක් ලෙස අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවත එන මහා කලා මංගල්‍යයක් ලෙස හන්දිවිය හැක. විවිධ චාරිත්‍ර සමග බැදුණු විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී. ආගමික, සංස්කෘතික, කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර, විවිධ විශ්වාස මේ අතර හැදින්විය හැක.
බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබී ඇති බව සදහන්වේ. රටේ බහුතර ජනතාවක් සමරණ මෙම මංගල්‍ය බෞද්ධයන්, හින්දු ආගමිකයන් එක්ව ඒ ඒ ආගමික දර්ශනයන් හට ප්‍රමුකත්වය දෙමින් සිංහල දෙමල අවුරුදු වත් පිලිවෙත් කිරීමට වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.
මෙහිදී හින්දු ආගම ගැන සලකා බැලීමේදී එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක. එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය. බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.
වර්තමානයේ අවුරුදු දින චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි. එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල එකතුවක් ලෙස සැලකිය හැක.














































