English
සිංහල
01:19 සෙනසුරාදා, ඔක්තෝබර් 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව වාර්ගික යුද්ධයකට පටලවන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව සත්‍යග්‍රහයක්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ වන විට රට රට පුරා නැවතත් අලුතින්ම ඇතිව තිබෙන සංවාදය වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම පිලිබදවයි. එම ව්‍යවස්ථාවට අනුව ස්වයන් පාලන බලතල දීමෙන් සිදුවන්නේ ජාතීන් තුනම නැවත යුද්ධයකට මෙන්ම විවිධ ගැටුම්වලට මුහුනදෙන වාතාවරණයක් නිර්මාණය කිරීමයි.

    කෙසේ නමුත්  ඔක්තෝබර් 6 සහ 7 දෙදින තුළ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 22 වන ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ කූට ක්‍රියාවක් සිදුකරන බවද උගතුන් සදහන් කරයි. එයට එරෙහිව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ මෙහෙයවීම යටතේ, පූජ්‍ය හෑගොඩ විපස්සී සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිගේ දායකත්වයෙන් ජාතික සංවිධාන 26ක නියමුවන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ දී අද (05) සත්‍යක්‍රියාවක් පවත්වන ලදී.


    එම සත්‍යග්‍රහයේදී පහත සදහන්වන ලෙස සිදුකරන ලදී.

    ”සම්බුද්ධ ශාසනයේ ආනුභාවයෙන්, දන්ත ධාතූන්වහසේගේ ආනුභාවයෙන්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන්,

    1. අධිකරණයේ දී නීතිපතිවරයා විසින් එකඟ වන සංශෝධන සහ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන අතුරින් ආණ්ඩුව එකඟවන සංශෝධන සියල්ල නිෂ්චිත වගන්ති ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනයා වෙත වහාම ප්‍රකාශයට පත්කිරීම.

    2 .දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන යෝජනා කුමණ පක්ෂ විසින් ඉදිරිපත් කළේද යන්න මහජනයාට අනාවරණය කිරීම.

    3. එසේ කාරක සභා අවස්ථාවේ දී කෙටුම්පතට ඇතුළු කරන බවට ප්‍රකාශයට පත් කළ සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් විශේෂයෙන්ම 154 වගන්තියේ අඩංගු ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා වන වගන්ති කෙටුම්පතට ඇතුළු නොකරන බවට උපදේශ කාරක සභාවේ දී සහ කතානායකවරයා, අගමැතිවරයා සහ සභානායකවරයාගෙන් සහතිකයක් ලබා ගැනීම.

    4. එවැනි සහතිකයක් ලබා නොදෙන තත්වයක් යටතේ විවාදය සහ ඡන්දය වර්ජනය කිරීම මගින් ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකෙරෙන ඒ මහා ඓතිහාසික පාපකර්මයට දායක නොවී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්තරීයව වරුන්ට ශක්තිය හා ධෛර්ය ලැබේවා.” යනුවෙන් සත්‍යක්‍රියා කරනු ලැබූහ.

    මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සත්‍යක්‍රියාව ආරම්භ කිරීමට පෙර රැස්ව සිටි පිරිස අමතා අනුශාසනාවක්ද කරන ලදී. උන් වහන්සේ සදහන් කලේ ,

    “බෞද්ධ භික්ෂූන්වහන්සේලා හැටියටත් ජාතික සංවිධානවල නියමුවන් හැටියටත් ගෞතම බුදුන්වහන්සේ විසින් ස්ථාපිත කරන ලද්දා වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජාතියේ ආරක්ෂාව සහ දේශයේ සුරක්ෂිතතාවය අරමුණු කරගනිමින් සත්‍යක්‍රියාවක් ආරම්භ කිරීමටයි සූදානම.

    ඉහත කී කාරණා සම්බන්ධයෙන් තර්ජනාත්මක ස්වභාවයක් විශේෂයෙන්ම ව්‍යවස්ථාමය තර්ජනයක් එල්ල වී තිබෙන බව බෞද්ධයන් හැටියට අපට මේ වන විට වැටහිලා තිබෙනවා. ඒ අනුව දේශයේ ඒකීයභාවය ආරක්ෂාකර ගැනීම උදෙසාත් ජාතිය විවිධ වර්ණයන්ගෙන් හා පක්ෂයන්ගෙන් බෙදී නොයා එකතැනකට පැමිණ ජාතිය මුහුණ දී තිබෙන මේ අර්බූදයට මේ ගැටලූවට විසඳුමක් සෙවිය යුතුය යන කරුණ මත අද දවසේ අප මේ ස්ථානයට ඒකාරාශී වී තිබෙනවා.

    මේ දක්වා සිදුව ඇත්තේ ආණ්ඩුකරන කරන උදවිය ව්‍යවස්ථාවට විවිධ සංශෝධන ලෙස පැලැස්තර ඉදිරිපත් කරමින් පියවරෙන් පියවර සිදුකර ඇත්තේ ජාතිකබලය දුර්වල කර රට විවිධ ආකාරයට බෙදා වෙන්කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුර එකට එකතු කර තවත් රටක් නිර්මාණය කිරීම උදෙසා බෙදුම්වාදීන්ගේ අදහස් සඳහා සැනසිල්ලට හේතු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම පමණයි.

    ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 13 වන ව්‍යවස්ථා  සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ පසුබිම සකස් කරාවි යැයි කියන සැකය දැඩිව අප සතුව තිබෙනවා.

    ඒ වගේම මේතාක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට කාරක සභා අවස්ථාවේ දී කූට ලෙස සංශෝධන ඉදිරිපත් කරල එම සංශෝධන පනත් වල මූලික හරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ අවස්ථා සම්බන්ධව අත්දැකීම් අපට තිබෙනවා. ඒ අනුව 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදී උවමනා ඉෂ්ට වෙන සංශෝධන ඉදිරිපත් වේවිය යන සැකය අප තුළ තිබෙනවා.

    13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරදී රට දෙකඩ කර ඉන්දියාවේ 29 වන සහ 30 වන ප්‍රාන්ත බවට පත්කරලීමේ ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව ඉටුකිරීමට කටයුතු කරමින් සිටින බව අපට වැටහී යන නිසා අප ඊට එරෙහිව ජාතික සංවිධාන ලෙස නැගීසිටිනවා.

    අද මේ අවස්ථාවට මහා සංඝරත්නය සමඟ එක්ව පෙළ ගැසෙන මේ ජාතික සංවිධානවල සියලූදෙනාම ශ්‍රී ලංකාවේ ඒකීය භාවය උදෙසා භෞමික අඛන්ඩතාවය උදෙසා දිවිහිමියෙන් හඬ නගන බව ජාතියට දන්වා සිටිනවා. අපි සියලූ දෙනාම රට දෙකඩ කරලීමේ කූට උපකරජාතමය පරාජය කළයුතු බව සපථ කරසිටිනවා.

    ඒ වගේම මහා සංඝරත්නය ප්‍රමුඛ අප සියලූ දෙනාම පක්ෂනායකයින්ගෙන් දේශපාලන බලධාරින්ගෙන් දැඩිව ඉල්ලා සිටිනවා මේ වගේ සංශෝධන පනතක් ඉදිරිපත් වුනාට පසු ඔබ සතුව තිබෙන ලොකුම වගකීම වන රටේ ඒකීයභාවය භෞමික අඛන්ඩතාවය රැකීම උදෙසා නිර්භය සෘජුව නැගීසිටින ලෙස.” යැයි පැවසූහ.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version