ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.84කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 338කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.90කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 373ක් ලෙසටය.
ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රු.113කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රු.289කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රු.75කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 329ක් ලෙසටය.