සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් , රාජ්‍ය ප්‍රතිපත්තියට ගැළපෙන අයුරින් කටයුතු කිරීම පිළිබඳ නීතිමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් ලබන මස 11 වන දිනට පෙර දින වකවානු සහිත වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසත් කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම වසර තුන හමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් සිදු කර නොමැති බව මෙහිදී අනාවරණය වී තිබේ .














































