මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන වත්තේගම කලාපයේ මැණික්හින්න, හුරීකඩුව එකම බාළිකා විද්‍යාලයේ අබලන් තත්ත්වයේ ගොඩනැගිලි කොයි මොහොතක හෝ කඩාවැටී එහි ඉගෙනුම ලබන සිසු දැරියන්ගේ ජීවිත අනතුරුදායක තත්ත්වයකට පත්කරවන්නක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු කීහ.
ක්‍රීඩා පිටියේ වල් බිහිවී ඇති අතර සිසුවියන් සඳහා ආරක්ෂිත වැසිකිළි නැත.ළමයින් 800ක් ඉගෙනුම ලබන මෙහි ගොඩනැගිලි ගරා වැටී වහළවලට මුක්කු ගසා ඇත.මව්පියන් පවස්නනේ විදුහලේ තත්ත්වය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් හා වගකිවයුත්තන්ට දැනුම් දී ඇති බවය.
විදුහලේ නැටුම් කාමරය ඉතා අබලන් තත්ත්වයක පවතින අතර එය කොයි මොහොතක කඩා වැටෙන්නට ආසන්න බව දෙමාපියෝ පැවසූහ.උසස් පෙළ පන්ති පවත්වන්නට සිදුව ඇත්තේ එළිමහනේ බව එහි ගිය විට අසලට රැස්ව සිටි දෙමව්පියෝ සහ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීහු පැවසූහ.
වසර ගණනාවක් තිස්සේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක ඉදිකිරීම් මේ වන තෙක් අවසන් වී නැති හෙයින් දැරියනට පන්ති කාමර අහිමි වී විදුහල් පරිශ්‍රයේ එළිමහනේ අවුවැසි පීඩාවට ලක්ව අධ්‍යාපනය හදාරන්නට සිදුව ඇති බව මව්පියවරු මෙන්ම සිසුහූ ද පවසති.
පවතින තත්ත්වය සම්බන්ධව අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට, කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් ආණ්ඩුකාරවරයාට ද පාසල් සංවර්ධන සමිතිය මගින් දැනුම් දී ඇතත් මේ වන තෙක් මෙම අබලන් විදුහල පිළිබඳව බලධාරීන්ගේ අවධාය යොමු නොවීම කණගාටුවට කරුණක් බව පවසන මව්පියෝ “කොළඹට කිරි අපට කැකිරි” සංකල්පය තම අසරණ දරුවන්ගේ විදුහලට අත්වී තිබෙණ බව සඳහන් කළ හ.
රාත්‍රී කාලයට විදුහල් පරිශ්‍රය අනාරක්ෂිත තත්ත්වයක පවතියි.විදුහලට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයේ විශාල මඩවලවල් ය.
ගොඩනැගිලිවල යකඩ දිරාපත් වී ටකරන් තහඩු පවා ගැලවී අනතුරුදායක තත්ත්වයක පවතින නිසා තම දියණියන්ගේ ජීවිත අනතුරට පත්වීමට ඉතා ආසන්න බව මව්පියෝ පවසති.උසස් ශිෂ්‍යත්ව ප්‍රතිඵල දක්වා ඇති මෙම එකම බාළිකා පාසල ආරක්ෂා කිරීම බලධාරීන්ගේ වගකීම වන බව මව්පියෝ පවසති.
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ තෙල්දෙනිය චන්දන උඩුවාවෙලගේ ලංකාදීප පුවත්පත් වාර්තාවක් ඇසුරිනි)














































