12 හැවිරිදි පාසල් සිසුවියක රවටා ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයෙකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය වාර්තා කරයි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන්.
දැරියගේ මව දැරිය සමඟ පොලීසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සහ අඹු සැමි යුවළ අත් අඩංගුවට ගෙන තිබේ.














































