වයස අවුරුදු 14 වන සිසුවෙකුගේ හිසට වෙඩි පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු උප පොලිස් පරීක්ෂකවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.
මාතර-තිහගොඩ ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කරන ලද ක්‍රීරෝද රථයක් පසුපස හඹා යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සිසුවෙකුගේ හිසට වෙඩි පහර එල්ලව තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දිනයේ මෙම තීන්දුව ලබා දී ඇත.
එහි දී මෙම උප පරීක්ෂකවරයා විසින් තමන්ට විරුද්ධව එල්ලව තිබූ චෝදනා පිළිගෙන ඇත.
ඒ අනුව මොහු තිහගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අතර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටියි.














































