මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිටි සිසුවෙකු ඥාති පිරිසක් සමග කුඹුක්කන් ඔයේ මිනිපුරගම පිහිටි බෙරලියමංකඩ ප්‍රදේශයට දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම සිසුවා දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාලිගාවිල පූජාභූමිය ආසන්නයේ පදිංචි මොනරාගල රාජකීය විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්.චිරන්ත දිල්ශාන් නැමැති සිසුවෙකි.














































