සීතාවක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගරු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “සීතාවක ඔඩිසි” විශේෂ සංචාරක දුම්රිය අද දින (2023.01.15) සිය මංගල ගමන ආරම්භ කරන ලදී.
මෙම විශේෂ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර, එය ගමනාන්තය දක්වා ආකර්ෂණීය ස්ථානවල නතර කෙරෙනු ඇත.
කොළඹ සිට වග දක්වා එම දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ලංගම හා පුද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් මඟින් සංචාරක සේවය සැපයීමට කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. ඒ අනුව “සීතාවක ඔඩිසි” විශේෂ දුම්රියේ ගමන් කරන ඔබට කොළඹට නුදුරු රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල, ගොරක ඇල්ල ආදී දිය ඇලි මෙන්ම තුම්මෝදර වැල්පාලම, ගල් බංගලාව, කොඩිගල කඳු පන්තිය, සීතාවක උද්භිද උද්‍යානය, ලබුගම හා කලටුවාව ජලාශ නැරඹීමට අවස්ථාව හිමි වේ.














































