අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේ සීතාවක ගගේ දිය නෑමට ගිය පුද්ගලයකු ඊයේ(08) අතුරුදහන් වූ බවට වාර්තා වේ.
අදාළ පුද්ගලයා තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග විනෝද චාරිකාවක පැමිණ මෙලෙස දියනාමින් සිටියදී අතුරුදහන්ව තිබෙන බවට වාර්තා වේ.
මෙම පුද්ගලයා වයස අවුරුදු 21ක අත්තිඩිය,දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අතුරුදහන් වූ පුද්ගලයා සෙවීම සදහා නාවික කොට්ඨාසයේ සහය ඇතිව පොලිසිය මගින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
 
	    	



























 
		    

















