රජය විසින් මෙතෙක් සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇත.
මිල පාලනය ඉවත් කිරීමත් සමග හෙට (03) සිට සීනි කිලෝවක් රු.135 – 140 අතර මිලකට තොග අලෙවිය සිදු කරන අතර සීනි කිලෝවක සිල්ලර මිල රු.150 සීමාව තුළ රඳවා තබා ගැනීමට ද තීරණය කර ඇත.
ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 976 වරායේ සිරවී ඇති බවයි.
එහි සිරවී ඇති සීනි තොග අඩංගු කන්ටේනර් බහාලුම් නිදහස් කරගැනීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් ප්‍රමාණය ලබා දීමට මේ වන විට මුදල් අමාත්‍යවරයා එකඟතාවය පලකර ඇති බවද ඔහු සඳහන් කර ඇත.