English
සිංහල
11:00 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සුද්දියන් සමග අයාලේ ගිය ධනුෂ්ක බේරාගැනීමේ ගෝත්‍රික මෙහෙයුම.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සනත් නිශාන්ත ශ්‍රී ලංකාවේ ආරම්භය සිදුවන්නේ පුත්තලමෙන් බව කියා සති දෙකක් ගියේ නැත. ශ්‍රී ලංකාවේ විකට දේශපාලුවන් ගුරුවරියගේ සාරියේ එල්ලුණේය. එය ඔසවා ගන්නට බැරිවිය.එහෙත් සාරියෙන් ඇමෙරිකානු යුධ නැව වසා දැම්මේය. දැන් යුධ නැව නොව බෝල විසිකිරීමට,එයට පහර දීමට හා ඒ පසුපස හඹා යාමට ශරීර ශක්තිය ඇතිවීම ධනවත් වීමට හා පිලිගැනීමට හේතුවක් වූ ව්යාධිගත තරුණයකු ගේ දුෂණයක් ශ්‍රී ලංකාව සාධාරණිකරණය කරමින් සිටි. අහෝ මව්බිම…මාද ක්‍රිකට් ක්‍රීඩාකර ඇත. ඒ ක්‍රීඩාවේ ඉවසීම,දරාගැනීම හා අනෙකාට ක්‍රීඩා කිරීමට ඉඩ දීම අගය කිරීම වෙනත් ක්‍රීඩාවක දක්නට නැත. පිතිකරුවා , එරෙහිව පන්දු යවන්නාගේ පන්දුව අගය කරන ක්‍රිකට් අප රස විඳ ඇත.

    පක්ෂ විපක්ෂ සියළු දෙනාම ධනුෂ්ක බේරාගැනීමට දරන වියදම ප්‍රකෝටි ගණන් වේ.ඒ අතරේ ටින්ඩර් සහකරුවන් සෙවීමේ අන්තර්ජාල සුමටය, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ලිංගික ශ්‍රමිකයන් සෙවීමේ සුමටයක් වී තිබේ.ශ්‍රී ලංකාව තුල දින දෙකක් තුල මිලියනයකට ආසන්න ප්‍රමානයක් මේ සුමටයට පිවිසි තිබේ.ශ්‍රී ලංකාව ප්‍රොනෝ චිත්‍රපට බැලීමෙන් පිට පිට වසර තුනක්ම කප්පිතන් වී සිටින රටකි.ලංකාව ඕවර් සේක්ස්ඩ් අන්ඩර් පක්ඩ් (over sexed, under fucked ) රටක් යයි මම වසර පහක තිස්සේ ලියනු ඔබ කියවා ඇත.ධනුෂ්ක යනු එයට ලැබී ඇති ජීවමාන උදාහරණයයි.ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ලංකාවේ ජනතාව,දේශපාලනය හා මාධ්‍ය මේ කරුණ සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය ගැන ඉතාමත්ම අවධියෙන් සිටී.භූ දේශපාලනයේ ඊළඟ අඩව්ව එන්නේ ඔස්ට්‍රේලියාව දෙසින් යයි මට සිතේ.බෝට්ටුවකින් වත් ගොස් කුසගින්න නිවා ගැනීමට නම් දැන් දැන් අපහසු වනු ඇත.

    ලංකාව වැරදිකරුවන් ආරක්ෂා කරන්නට ගොස් ඉල්ලන් කෑමෙන් ද කප්පිතන්ය.දුමින්ද සිල්වා හා සුනිල් රත්නායක නිදහස් කර අම්බානක ජාත්‍යන්තරයෙන් කෑ ශ්‍රී ලංකාව අයි එම් එෆ් (IMF ) එක පවා ලංකාව තුට්ටුවකට මායිම් නොකරන හේතුව දන්නේ නැත.ලෝකය ගොත්‍රිකත්වය අවසන් කරමින් සිටි.ලංකාව දිනෙන් දින එය වැළඳ ගනිමින් සිටි.ලංකාවට වැරදුනේම ලෝකයේ අපරාධ ගනයට වැටෙන සියල්ල සාධාරණිකරණය කිරීම නිසාය.ගෝටාබය ආරක්ෂක ලේකම් කාලයේ දරුවන් අපයෝජනය හා ස්තිරි දුෂණය ගැන සංවාදයක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමග පැවැත්විණි.එහිදී එක්සත් ජාතීන්ට ගෝටාබය කියා ඇත්තේ බාලවයස්කාර විවාහ අපේ සංස්කෘතිය බවත් දුෂකයාට දැරිවියන් විවාහ කර දීමෙන් ගැටලුව විසඳිය හැකි බවත්ය.ගෝටාබය ජනපති වන්නට කලින් ඔහුගේ මේ ප්‍රකාශ අපි තදින්ම ගෙනහැර පෑවෙමු.69 ලක්ෂයකට ඒවා මොනවාද යයි සිතෙන්නට ඇත.ගෝටාබය එලවා දමන්නට සිදුවිය. එහෙත් ඔහුගේ පිං අධිකරණ ඇමති සබ්රි ළමා විවාහ සාධාරණිකරණය කරමින් හැන්සාඩ් ගත කළේය.ඔහුම විදේශ ඇමති වී ජිනීවා වල ආඩම්බර උත්තර දුන්නේය.මුදල් ඇමති වී IMF ගියේය. සියල්ල අනාගෙනඇත.

    සාරුව සුනිල්ට සමාව ලැබුණි..සමාජය නිහඬ විය.ධනුෂ්ක පෙර වැරදි සහිත ව්‍යාධිගත චරිතයක් සහිත අයෙකි.ඔහුගැන මානසික තත්ත්ව පරීක්ෂණ තබා පෙර වැරදි වලට. ක්‍රිකට් විනය කමිටුව වත් ඔහුට නිසි ක්‍රියාමාර්ග ගෙන නැත. ලංකාවේ ස්ත්‍රීන් දුෂණය හා අපයෝජනය ගැන පරීක්ෂණ කළහොත් පාර්ලිමේන්තුවේ අති බහුතරය සිරගෙවල් වල බවත් .ඔස්ට්‍ර්ලියාවේ මෙන් කැමැත්ත පල කිරීමේ නීති තත්ත්වය ක්‍රියාත්මක වේ නම් රජයේ නිලධාරීන් බහුතරයක් ලිංගික අල්ලස් ගැනීම හා බලහත්කාරය සම්බන්ධවත් සිරගෙවල් වල සිටිය යුතු බව සත්‍යයකි.දරුවන් අපයෝජනය නිවැරදිව පරික්ෂා කළහොත්..තත්ත්වය ලංකාවේ පිරිමින්ගෙන් 30% ක් නීතියේ රැහැනට අසුවිය යුතු බවය.ලංකාවේ විකෘතිය එන්නේ කොහෙන්දැයි වටහා ගැනීමට මේ සංඛ්‍යා දත්ත ටිකම ඇතිය.කුඩා කළ අපයෝජනය වූ දරුවන්ට වැඩිහිටියන් වූ කල නිවැරදිව ,සතුටු වීම උදෙසා ලිංගිකත්වය විඳිය නොහැකිය.ලංකාවේ ජන ජීවිතය ලිංගික ව්‍යාධිය මත ,ලිංගික ඊර්ෂ්‍යාව මත පදනම් ව හැසිරෙන බව ඒ අනුව ඉතාම විද්‍යාත්මකය.ආදරය කරන්නට,ලිංගිකත්වය විඳින්නට නොදන්නා ජාතියක ධනුෂ්ක වුවද ළමා කාලයේදී දැඩි අපයෝජනයට ලක්වූ චරිතයක් ලෙස මට සිතේ.එසේ නොවේ නම් ඔහු..නිතර නිතර එලෙස හැසිරෙන්නේ නැත.එකම වරද වරදක් නොවන ලෙස විලි බිය නැතුව නොදන්නා රටකදී වුව කරන්නේ නැත.ධනුෂ්කගේ මානසික තත්ත්වය ගැන ඕස්ට්‍රේලියානු විනිසුරන් තත්ත්ව වාර්තා හා විශේසඥ වාර්තා කැඳවනු ඇති බවට ස්ථිරය.ලංකාවේ පක්ෂ විපක්ෂ බහුතරයක් අවසානයේ දරුණු මානසික ව්‍යාධියක් ආරක්ෂා කරන්නට පෙළගැසී සිටී බව හා ඒ සියළු දෙනාම මේ ව්‍යාධියට අයත් බව පසුව ස්ථිර වනු ඇත.

    අනෙක් අතින් ලංකාවේ දරුවන්ට ලැබෙන පුර්ව ළමාවිය සංවර්ධනයේ සැලසුම් සහගත මෙහෙයවීමක් නැත.ලිංගික අධ්‍යාපනයක් නැත.හතේ පොත ලිංගික අධ්‍යාපනය සම්බන්ධව ගැඹුරු පොතක් නොවුවත් එය ආරම්භයක් පමණි.එම පොත පවා මැදගොඩ අභය තිස්සගේ මැදිහත් වීමෙන් ජාතියේ දරුවන්ට අහිමි විය.ලංකාවේ දරුවන් ලිංගිකව පත්ව සිටින ඛේදවාචකයට ආගමික මධ්‍යස්ථාන ඍජුව වගකිව යුතුය.චිවරය ඇඟලා ගත් සමාජ ඇරියස්කරුවන් බිහිව තිබෙන්නේ ආගමික ආයතන වල ලිංගික හිංසනයට බද්දවය.ලංකාවේ මිනිසුන් අපයෝජනය වීමේ ප්‍රතිශතයේ ප්‍රමාණයට අසාර්ථක ලිංගිකත්වය සහිත පවුල් ජිවිත සමපාතවේ.මෙය ජාතික ප්‍රශ්නයක් බව දැන් දැන් වත් වටහාගත යුතුය.ලංකාවේ ලිංගික රසායනය හා ලිංගික මානසිකත්වය ගැන පර්යේෂණ ආයතන නැත. ඒ ගැන කථා බහ කරන සමාජ හෝ මනෝ විද්‍යාඥයින් නැත.ඔක්කොම කථා කරන්නේ සැබෑ තත්ත්වයෙන් පිටත දෙයය.සත්‍ය නම් ලංකාවේ ලිංගික බවිතාව ජාතියම රෝගී කර ඇති බවයි.ලිංගිකව තෘප්තිය ලැබීම මිනිසාගේ කායික රසායනය තුලනය කරයි.තෘප්තිමත් මිනිසා ලෝකය තෘප්තිමත් කරයි.ලංකාව පාලනය කල පුද්ගලයින් අතරින් තෘප්තිමත් ලිංගික ජිවිත ගත කලේ කව්දැයි මා නොදනිමි.එසේ යම් කෙනෙක් වීද ..ඔහු හෝ ඇය මේගැන සිතුවා දැයි නොදනිමි.එසේ වූවානම් මේ ව්‍යාධියට පිළියමක් ජාතිකව සිතීමට කුහක වුයේ මන්ද?

    කෙසේ නමුත් ධනුෂ්කගේ සිද්දිය තවත් මාතෘකාවක් කරලියට ගෙනවිත් තිබේ.ඒ ලිංගික ශ්‍රමිකයන් සඳහා වන නිතිය ගැනය.මුලින්ම ඕස්ට්‍රේලියානු කත ගණිකාවක් කළ ලාංකීය ජනසමාජය ගණිකා වෘත්තීය ලෝකයේ බදු ගෙවන, සියළුම වෘත්තීය අයිතීන් සහිත වෘත්තියක් බව දැනගත යුතුය.ඒ අනුව ඒ වෘත්තීය නීතිගත කල යුතුය.එවිට ධනුෂ්කලාට,කොන්ඩම් නැතිව ලිංගිකව හැසිරීමට ඇති මෝඩ අවශ්‍යතාවය වැනි ආත්මාර්ථකාමී ලිංගික හිංසනයන් ලාංකීය ලිංගික ශ්‍රමිකයාටද විඳින්නට හෝ කරන්නට ඉඩ නොලැබෙනු ඇත.

    ධනුෂ්කගේ ලිංගික ආශාව හෙවත් ක්‍රිකට් නිසා සුද්දියන් සමග නිදි වැදීම මාතෘකා තුනක් එකවර මේසය මත තබයි.

    1 ලාංකීය ලිංගික මානසික තත්ත්වය ,අපයෝජනයන් හා ලිංගිකවිනය ගැන මනෝ විද්‍යාත්මක ජාතික මෙහෙයවීමක් අවශ්‍ය බව.

    2 ලිංගික අධ්‍යාපනය හතේ පොතෙන් එතෙරට ගිය තවත් දියුණු අධ්‍යාපන ඒකකයක් ලෙස විෂය නිර්දේශයට එක්විය යුතු බව.

    3 ලිංගික ශ්‍රමිකයා ගැහැණිය හෝ පිරිමියා වශයෙන් නිත්‍යානුකුලව නීති පද්ධතියකට යටත් විය යුතු බවය.එය ලිංගික ශ්‍රමිකයා හා සේවා ලබන්නා,සෞඛ්‍ය හා මානසිකව මෙන්ම කායිකව ආරක්ෂා කරමින් මානුෂිය ලිංගික අවශ්‍යතා නිත්‍යානුකුලව සපුරා ලන්නක් විය යුතුය.

    කොහොම නමුත් ලංකා ඉතිහාසය තුළ ලිංගිකත්වය,දරුවන් තැනීම හා ඒ තමා සමග ලිංගිකව හැසිරුණු මිනිසුන් ,දරුවන් තැනු මිනිසුන් මානුෂිය ලෙස දරා ගැනීම,ගෞරව කිරීම සිදු වී නැත.කුවේණිය ,විජය, එනම් අපේ වංශයේ සමාරම්භක චෞරයාට ආදරය කර රාජ්‍යත්වයක් ලබා දීමට දර දිය දරුවාය.අවසානයේ කුවේණිය වැරදි වී ඉන්දීය බිරියන් ගෙනවිත් ඇයව දරුවන් සමග එලවා දැමුවාය.කුවේණියගේ ඥාතින් ඇයට වූ අසාධාරණයට ක්‍රියාත්මක වනු වෙනුවට. ආදරය කළ වරදට තම වරිගයෙන් ද කුවේණිය ට ගල් මුල් එල්ල කළේය .ඒ වසර 2500 කට පෙරය.

    ධනුෂ්කගේ සිද්ධියට ද ශ්‍රී ලංකාවේ රජය,විපක්ෂය හා අදෘශ්‍යමාන රාජ්‍ය බලය මෙහෙයවන රාජපක්ෂ පවුල ධනුෂ්ක පොරක් කරන අතර, ධනුෂ්කගේ දුෂණයට ලක්වූ ගැහැණියට කුවේණියට මෙන්ම ගල් ගසමින් සිටී .ශ්‍රී ලාංකේය ජාතිය ජිවත් වන්නේ තවමත් වසර 2500 කට එහා ගිය ජානගත සමාජගත ව්‍යාධියෙන් යයි කීමට තවත් අටුවා ටීකා කුමටද? කෙසේ නමුත් දියුණු ලෝකය සමග ඉහළට යන්නට නම් බෝලයට පිත්තෙන් ගැසූ හා බෝලය පසුපස දුවන, වෙළඳ සමාගම් වලින් පුම්බා තබන විනයක් නැති ක්‍රීඩකයන් බේරාගැනීමට ගොස් ජාතිය තිරිසන් නොකර, හරි තැන හිටගෙන ලාංකීය සමාජය මේ ලිංගිකත්වය සම්බන්ධ සියළු කරුණු වලින් නිවැරදි කරගැනීමට තරුණ පරපුර එක පෙළකට මේ මොහොතේ සිටගත යුතුය.

    ධනුෂ්ක සම්බන්ධ සිද්ධිය අරගලයේ එක් වටිනා අවස්ථාවකි.ඒ හරි තැන නිවැරදි ලෙස සිටගැනීමට ඔබට කොන්දක් තිබේද යන්න ඔබටම පරික්ෂා කරගත හැකි අවස්ථාවකි.මා සමාජ මාධ්‍ය තුළ එවැනි කොන්දක් ඇති චරිත කිහිපයක් දකිමි.එවැනි නිවැරදි තරුණ චරිත සියගණනක් දකිමි.ඔවුන්ගේ කොමෙන්ටු කියවමි…ඔවු.. අප කිහිප දෙනෙකු විය හැකිය..එහෙත් ඒ නිවරැදි ලක්ෂයයි.එහි සිට ගැනීම ගැන ඒ සුළුතරයට ස්තුතියි…කුවේණිය ගේ ආදරය, ගණිකා වෘත්තිය ලෙස අර්ථ නිරූපණය කිරීම නවතමු.ශ්‍රී ලාංකේය ජාතිය ලෝකයේ මනුෂ්‍යන්වීමට නම්.ඔස්ට්‍ර්ලියානු කතට වූ සිද්ධියට සමාව ගැනීම කළ යුතුය.රටේ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් හෝ ජනතාව තනි තනිව සමාව ඉල්ලීමට නිහතමානි වන්නේ නම්..ඔස්ට්‍ර්ලියාවේ මිත්‍රකම ආරක්ෂා කරගනු හැකිය.නැතහොත්..මේ සිදුවන ගෝත්‍රික කැම්පේන් මත ඉතා නරක ප්‍රථිපල අත්විඳීමට සිදුවනු ඇත.එය කුවේණියගේ ශාපයටද සමාන වනු ඇත.

    (ජර්මන් සිට සුභාෂනී )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version