English
සිංහල
03:42 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සුද්ධෝදන මහා රජුගේ පුත් සිදුහත් කුමරු ගිහි ගෙය හැර ගිය ඇසල පුන් පොහොය දිනයෙහි ඇති වැදගත්කම

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මහා මයා දේවියගේ සහ සුද්ධෝදන මහා රජ තුමන්ගේ අවසාන මිනිස් භවය මෙන්ම ගෞතම බුද්ධ රාජ්‍ය බිහි කරන, මහා ලෝකෝත්තර උත්පත්තිය සලකුණු කරන, මහා මව් තුමන් හෝ මහා පියතුමන්ලා වන්නේ තමන් බව ඔවුන්ගේ තුරුණු වියේදී, හෝ විවාහයෙන් පසුව හෝ මොහොතක්වත් සිතන්නට නැතුව ඇති. කාලය, දීපය, දේශය, කුලය  සහ මව යන පස් මහා බැලුම් බලා, ඒ මහා උත්පත්තිය සනිහිටුහන් කරන්නට, බෝසතානෝ තුසිත දෙව් ලොවෙන් මිනිස් ලොව මව් කුස සොයාගෙන එන්නේ මහා ඉපදීම සදහා මනු ලොව සියලු වට පිටාවන් සැකසෙමින් තිබියදීය.

                ලෝකාරක්ෂක දෙවිවරුන් සිව් දෙනෙකු විසින් හිමෙන් වැසුණු හිමාලයේ කදු පාමුලට මායා බිසොවුන් ඔසවාගෙන ගියේ ලස්සන යහනක හොවාගෙනය. අහෝ බලන්, මනරම් දසුන් මවමින්, සුදු ඇත් පැටවා, නෙළුම් මල් රැගෙන බිසොවුන්ගේ යහන වටා තුන් වරක් ගොස් මයා බිසොවුන්ගේ උදරයේ දකුණු පැත්තෙන් ඇගේ ගර්භාෂයට ඇතුළු විය. ඒ මහා පුරුෂයෙකුගේ අවසන් ඉපදීම වෙනුවෙන්, මනු ලොව සංසාරගත මව් තොමෝ සොයා පැමිණි මනරම් සිහිනය දකිමින්ම මායා බිසෝ තොමෝ සිහිනයෙන් අවදී විය.

    අවට පරිසරය ප්‍රීති ගෝසා නගමින්, ඇසල මලින් ලොවම සුගන්ධවත් කරන හිමිදිරි උදෑසන, ලොවම පහන් කල  මහා පොහොය දිනය අද වන දිනයක් විය. ඇසල සදේ සිසිලසින් ලොවම එලිය  කරමින් ඒ මහා පිළිසිද ගැනීම සිදු වුයේ අද වන්  ඇසල පොහොය දිනයකදීය.  ඇසල පුන් පොහෝ දිනයේ උදෑසනම මේ පණිවිඩය , සුදොවුන් මහා රජ වෙත  මහා මායා බිසෝ තොමෝ සැලකර සිටියහ. ඒ මහා බෝසතානන්ගේ පිය තුමාණන් ඉවෙන් මෙන් , මහා පුරුෂයෙකුගේ ඉපදීමක් බව වටහා ගත්තේ , සංසාරගත පුරුද්දටම වන්නට ඇත. ඒ සුබ ආරංචිය, ඔවුන් දෙපලටම පමණක් නොව බෞද්ධ දින දර්ශනයේ අතිශයින්ම වැදගත් පොහොය දිනයක් බවට පත් විය. ඒ මහා ශ්‍රේෂ්ඨ ඉපදීමෙහි ලකුණක් බව සුදොවුන් රජු දැන නොසිටියත්, ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ ඉපදීමක් බව නම් එතුමාට වැටහී තිබුණි.

    අවුරුදු 20ක් පුරා දරුවන් නොමැතිව සිටි මේ දෙපලට මෙම සිදු වීම ප්‍රීතිමත් පුවතක් වූ අතර රජ මැදුරේ සියලු දෙනාම ප්‍රීතියෙන් පිනා ගියේය.

    වෙසක් පොහොය දිනයෙහි උපන් මේ බෝසත් කුමාරයා, ඉපදී, අහෝ දින හතකි. තම මව් තොමෝ මෙලොව හැර ගියෝය.  ඉන් අනතුරුව කුමරුට මව් වුයේ මහා මයා දේවියගේ සහෝදරිය වූ මහා ප්‍රජාපති ගෝතමීය විසිනි. මරණයෙන් පසු, මහා දේවිය තව්තිසා දෙව් ලොව උපත ලැබීය.  රැකබලා ගනු ලැබුවේ ඔහුගේ දෙදරු මව වන මහ ප්‍රජාපතී ගෝතමි මහමයා රැජිනගේ සහෝදරිය විසිනි. මරණයෙන් පසු මහමායා රැජින තව්තිසා දෙව් ලොව උපත ලැබීය’

    සුඛෝපභෝගී ජීවිතයක් ගත කල කුමාරයා, ජීවිතය අනිත්‍ය නොහොත් විනාශ වන බවද, මෙය දුක් වේදනා වලින් පිරිපුන් බවද, තරුණ වියේදීම තේරුම් ගෙන තිබුණි. මේ දුක් , වේදනා පිළිබද ගැටළු විසදීමට මාර්ගයක් සොයා ගත යුඋතු බවට ඔහු නිරන්තරයෙන්ම අධිෂ්ඨාන කරගෙන තිබුනේ, මේ දුක් , වේදනා වලට ඖෂධ රැගෙන මනු ලොවට පැමිණි , මහා යුග පුරුෂයා තමන් බව නොදැන විය යුතුය. සියලු ලෝ දනන්ගේ මෝක්ෂ මාර්ගය සොයා , මේ මහා පුරුෂයා සියලු රජ සැප අත් හැර ගිහි ගෙයට සමු දෙන්නේ අවුරුදු 29 දිය. මේ මහා සියලු සැප සම්පත් ප්‍රතික්ෂේප කරමින්, මහා අභිනිෂ්ක්‍රමණය සිදු වන්නේද, අද වන උතුම් ඇසල පුන් පොහොය දිනයකදීය.

    සත් අවුරුද්දකින් පසුව, වෙසක් පුණු පොහෝ දිනයකදී, ඒ මහා ප්‍රාඥ්යා මෙලොවට පහල වන්නේ , සියලු දුකින් මිදීමේ මාර්ගය සොයාගෙන අප ගැන අනුකම්පාවෙනි.

    ප්‍රථමව තම ගුරුවරුන් වූ, කොන්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම සහ අස්සජි යන පස් වග තවුසන් වෙත දහම් දෙසීම සදහා උන් වහන්සී, බරණැස ඉසිපතන මුවන් උධ්‍යානයට වඩින්නේ ප්‍රථම දම් දෙසුම වෙනුවෙනි. උන් වහන්සේගේ ප්‍රථම දම් දෙසුම  වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව පස් වග මහනුනේ උදෙසා, ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කර වදාරන ලදී. මෙම දේශනාව සත්‍යයේ රෝදය ලෙසද හදුන්වන්යි.

    සත්‍යයේ රෝදය නොහොත් ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව තුල , උතුම් සත්‍යන් හතර සමග උතුම් අට ගුණය දෙසා වදාරන ලදී.

    හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු විසින් රචිත “ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා” නම් පොතේ බුදුරජාණන් වහන්සේ සිය පළමු දේශනය දේශනා කරන අයුරු සඳහන් කරයි. ඔහු පවසා ඇත්තේ , “ඔහු විසින් පටිගත කරන ලද සමහර වචන මීට වසර දෙදහස් පන්සියයකට පෙර දුරස්ථ දෝංකාරයක් මෙන් පැමිණෙනු ඇත.” ලෙසය.

    පස් වග මහනුන් උතුම් අරහත්වයට පත් වූ අතර, ඇසල මාසය සමග ඇරෙඹන මහා වර්ෂා සහිත කාලය වස් කාලය ලෙස උන් වහන්සේ හදුන්වා දෙන ලද්දේද , මෙවැනිම වූ අසල පුණු පුහෝය දිනකදීය.  එදවස , උන් වහන්සේ පස් වග රහතන් වහන්සේලා සමගම වස් කාලය ගත කලේ, ශාසන ඉතිහාසය  අරඹමින් , ලෝ දනන්ගේ මෝක්ෂ මාර්ගය ලොවට දායාද කරමිනි. වස්  සාමය තුල භික්ෂූන් වහන්සේලා නිශ්චිත ස්ථානයක වාසය කරන අතර , එම කාලය තුල පිණ්ඩපාත චාරිකාවෙහි නොයෙදෙති. බෞද්ධ ගිහියන් වැසි සමයේදී භික්ෂූන් වහන්සේලාට ආහාර, සිවුරු සහ වෙනත් අවශ්‍යතා සපයමින් ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙති. ලෝකෝත්තර බුදු පියාණන් වහන්සේට අනුව, මෙකල භික්ෂූන් වහන්සේලා “විදර්ශනා භාවනාවෙහි” යෙදෙමින් ගිහියන්ට කුසල් පුරවා ගැනීමෙහි කොටස් කරැවන් විය යුතුය.

    බුදු දහමෙහි ඉගැන්වෙන අභිධර්මය ඉගැන්වීම සදහා  තුසිත දෙව් ලොවට වදිමින් මාතෘ දිව්‍ය රාජ්‍යා ප්‍රමුඛ  වෙනත් දිව්‍ය පුත්‍රයන් වෙනුවෙන් ධර්මය දේශනා කරන්නේද,  බුදුන් වහන්සේ තම ප්‍රාතිහාර්යමය  බලය උපයෝගී කරගන්නේ ද අද වැනි පුන් පුර පෝය දිනකදීය.  

    ඒ මහා බුදු සිළුව, නිවී යන්නේ අහස පොලව කම්පා කරමිනි. අහෝ ඒ මහා රත්නය අපට දුකින් මිදීමේ මාර්ගය ලබා දෙමින් නිවී ගියේය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසු, රජගහනුවර සතිපට්ටන ගුහාවේදී, අජාසත්ත රජතුමාගේ පූර්ණ අනුග්‍රහය යටතේ ප්‍රථම ධර්ම සංගායනය පැවැත්වෙන්නේද අද වන් ඇසල පොහොය දිනකදීය. පූජ්‍ය මහා කස්සප මහා රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සීල 500 නමකගේ සහබාගීත්වයෙන් එය පවත්වා තිබේ.

    ගිහි කල තම පුතු වූ රාහුල කුමරු උපන් දිනයේදීම , ගිහි ගෙය අත හැර යන සිදුහත් කුමරු, තම පුතුන් සාසනයට ඇතුලත් කරගන්නේද අද වැනි ඇසල පුන් පොහොය දිනකදීමය.

    දුටු ගැමුණු රජු සමයේ ඉදි වූ  මහා ථූපය නොහොත්, රුවන් වැලි මහා ස්ථූප වහන්සේ ගොඩ නැගීම සදහා අත්තිවාරම දැමීමද, ධාතු තැන්පත් කිරීමද සිදු වූ බව ඉතිහාය සදහන් කරයි.

    මහනුවර ඇසල පෙරහැර ඇරෙඹන්නේද ඇසල පොහොය දිනකදී බැවින්, ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සියලුම දෙනාට අද දින සුවිශෙශී දිනයක් වන අතර, අභිනික්මනයෙන් පසු, ලෝ දනන්ගේ හිත සුව පිණිසම , අපට අනුකම්පාවෙන් දුකින් මිදීමේ මාර්ගය   පැහැදිලි කරමින්, දිවා රාත්‍රී නොබලා , අප වෙනුවෙන්ම වෙහෙසුණු , ඒ මහා අචාර්ය වරයා අපට කියා දුන්  මග ගොස්  ඒ අමා මහා නිර්වාන සම්පත්තිය ලබා ගැනීමට අප සියලු දෙනාම එක්ව සිතට ගනිමු.

    ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව සහ තරහව වෙනුවට , එම ගිනි වලින් තම කය තුලින් නැගෙන වේදනාවේ ගිනි පුපුරුවලට තිත තබමින්, තන්හා, ආශා පොදී බදිමින් අවශානයක් නොදකින ජීවන සටනට තිත තබමින්, සැහැල්ලු මනසකින් තම දිවි මග ඒකාලෝක කරගනිමින් පංචශීල ප්‍රතිපත්තිය සමගින් අපගේ දිවි මග අලුත් කරගන්නටද හිතට ගමු.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 20, 2024
    Uncategorized

    දුම්රියක් පීලි පනී.

    මාර්තු 19, 2024
    Uncategorized

    තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.

    මාර්තු 19, 2024
    Uncategorized

    පුවක් අපනයන බෝගයක් කරයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    හෙටත් මුළු රටම රත් වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ලංගම බස් රථයක් පෙරළෙයි.

    මාර්තු 19, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version