English
සිංහල
22:22 අඟහරුවාදා, ඔක්තෝබර් 28, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කාවන්තිස්ස ඇතුට අනතුරක් අත ලඟ !. සමාජ මාධ්‍ය වාර්තා කරයි.

    Ravana by Ravana
    වසර 4ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    වනජීවි ඡායාරූප ශිල්පීන් අතරේ කාවන්තිස්ස්ස ගජබා ලෙසත්,ගැමියන් අතරේ මහ ඇතා ,කණ්ඩුල ලෙසත් ප්‍රචලිත සුවිසල් ඇත්රජු මේ වන විට ලංකාවේ සිටින උසින් වැඩිම දල ඇතා ලෙස සැලකෙයි.සාමාන්‍ය ඇතෙකුගේ උසට වඩා අඩි 1 ½ – 2ක් පමණ උසකින් යුතු මෙම ඇතා සතුව ඔහුගේ උසටම සරිලන අලංකාර තේජස් දනවන දල යුග්මයක් ද පිහිටා ඇත.මේ වන විට මෙම ඇත්රජුගේ වාසස්ථානය වී ඇත්තේ මිනිස් වාසස්ථානයන්ට ඉතා නොදුරින් මිනිස් ඇසුරේමයි.

    සුවිසල් වන අලි ඇතුන්ටම ප්‍රකට වූ කලකට පෙර වනාන්තරයක්ව පැවති මේ වන විට මිනිස් ජනාවාස වී ඇති ප්‍රදේශවල වැව් සහ හේන් අශ්‍රයේ ඉතිරි වී පවතින වන ලැහැබවල්හි දිවා කාලයේ දී සැඟව සිට රාත්‍රියේ දී  පමණක් ආහාර සොයා යමින් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන මෙම කාවන්තිස්ස ඇත් රජුගේ ජීවිතය මේ වන විට අනතුරු දායක තත්ත්වයකට මුහුණ පා ඇත.

    මොවුන් ජීවත් වූ වන ලැහැබවල් විනාශ කර එහි ජනාවාස පිහිටුවා මෙම ඇත් රාජයන්ට ඉදුම්හිටුම් මෙන්ම කුසගින්නට අහරක් සොයා ගැනීම අහිමිකර ඇත්තේ ද අපේම මිනිසුන් ය. අලිමිනිස් ගැටුම් යැයි පවසමින් අලිවැටවල් බඳිමින් මෙම සතුන් ඉතා කෲර ලෙස ඝාතනය කළ ද මෙවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ අපේම අයගේ ක්‍රියාකාරකම් නිසා බවද සිහි තබා ගත යුතුය. මහ වනාන්තර එලි කරමින් රූස්ස ගස් කපා දමමින් විනාශ කර ඒවායේ ජනාවාස පිහිටුවා පසුව අලි ඇතුන්ට කන්න අහරක් සොයා ගැනීමට හෝ වනාන්තරයක් නොමැති තැන ඔවුන් ගම්වැදීම සාමාන්‍ය කරුණක් සේ සැලකීමේ ද වරදක් නොමැත.

    පසුගිය කාලයේ දී මෙම ඇතා ප්‍රදේශයේ ඇති ගොවිපලක් ආශ්‍රිතව ඇති වනගත ප්‍රදේශයක සැඟව කාලය ගතකර ඇත. නමුත් මේ වන විට එම ගොවිපල ආශ්‍රයේ ඇති කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කිරීමට සහ අලි ඇතුන්ට ඊට ඇතුලු වීමට ඉඩ නොදීමට කටයුතු කරමින් සිටින බව සමාජ මාධ්‍ය සඳහන් කරයි.

    මීට මාසයකට පමණ පෙර සිට කාවන්තිස්ස ඇතු ඇතුලු අලි කිහිපදෙනෙකු එක්තරා වැවක් ආශ්‍රිව ඇති කුඩා කැලෑ රොදක් සිය දිවා සැඟවුම් ස්ථානය වශයෙන් යොදානෙ ඇත. වැවක් සහ හේන් යායක් අතර පිහිටා ඇති මෙම කැලෑ රොද අක්කර 05 ක් පමණ වන අතර එහි අලි රංචුවකට තබා එක් අලියෙකුට හෝ සැඟව සිටීමට හැකිවේ දැයි වනජීවී නිලධාරීන්ට සිතන්නට තරම් හැගීම් සහ දැනීම් නැතිවා දැයි අපට සිතේ. . කෙසේ නමුත් ලංකාවේ උසම ඇතා ප්‍රමුඛ මෙම අලි 6-7 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම මාසයක පමණ කාලයක සිටි දිවි ගෙවන්නේ එම කුඩා කැලෑරොද තුළ වන අතර මේ වන විට පවත්නා දැඩි වර්ෂාපතනය සමග එම කුඩා කැලෑ රොදේ කොටසක් ද දැන් ජලයෙන් යටවී ඇත.

    සැඳෑ කලුවර  වැටෙන නිමේෂයට ඔවුන් කැලෙන් එළියට විත් සැරසෙන්නේ රංචුවම ගොස් කුසගින්නට යමක් සොයාගැනීමටයි.

    ගම්මානයේ ඇති ගෙවතු සහ වැව වටේ ඇති හේන් යායවල් වෙත ගමන් ගන්නා ඔවුන්ට ලැබෙන්නේ සුහදශීලි පිළිගැනීමක් නම් නොවේ. එය විටෙක අලිවෙඩි වරුසාවක් වන අතර තවත් විටෙක කෑකෝ ගැසීමකි. තැනිත් තැනට ගොස් වෙහෙස දරන්නේ ඔවුන්ගේ විශාල උදයර පුරවා ගැනීමට විනා වෙනත් කිසිදු අරමුණකින් නොවන අතර ඔවුන් හිරු එළිය වැටීමට ප්‍රථම සිය සැඟවුම් ස්ථානය බලාද යා යුතුව ඇත.

    මෙවන් දුෂ්කර දිවියක් ගත කළද මේ කාවන්තිස්ස ඇත් රජු මේ වන තෙක් මිනිස් ජීවිතයකට කිසිදු හානියක් කළ බවට වාර්තා වී නොමැත. බෙහෙවින් සාමකාමී දිවියක් ගෙවන මෙම ඇත්රජු ප්‍රදේශයේ බොහෝ ගැමියන් ද බෙහෙවින් ගරු කරති. නමුදු සෑම පුද්ගලයෙක්ම එසේ වෙතැයි අපට අපේක්ෂා කළ නොහැක.

    මිනිසුන් අතර සිටිනා ඇත් දලවලට ගිජු වූ ඇතැම් නොමිනිසුන් මෙම සද්දන්තයා නැසීමට උත්සහ දැරිය හැකිය, නැතහොත් අලි පලවා හැරීමට තබනා වෙඩිල්ලක් මගින් ඇතාගේ මර්මස්ථානය සනිටුහන් කළ හැකිය. එමෙන්ම රාත්‍රියේ සහ පාන්දර ජාමයේ මෙම ඇතුන් සිය කුස පුරවාගැනීමේ අහිංසක අරමුණින් කඩිමුඩියේ සිදුකරන සංචාරයන්හි දී අනාරක්ෂිත විදුලි රැහැනකට බිලිවීමේ හැකියාව ද ඇත. අපේ රටේ ඇතුන් ගණනාවක් ම මෙවන් ඉරණමයන්ට මුහුණ දුන් අතර ඔවුන් මියගිය පසු කණගාටුවනවාට වඩා ජීවත්ව සිටියදී මෙම ඇත් රජුන් ආරක්ෂා කරගැනීමට කළ යුතු දේ නොපමාව සිදු කිරීම සැබවින්ම වටිනේය.

    දළඳා වහන්සේ වඩම්මවන නැදුම්ගමුවේ රාජා හස්තියාට හමුදා ආරක්ෂාව ලබාදෙන රටක් තුළ මෙවන් ජාතික සම්පතකට ද හමුදා ආරක්ෂාව විනා වනජීවී දෙපාර්තමේන්තුවේ හෝ නිසි අවධානයක් නොලැබීම ඉතා කණගාටුදායක තත්ත්වයක් වී ඇත. ශ්‍රී ලංකාවේ දැනට ජීවත්ව සිටින උසම ඇතා වන මෙම දැවැන්ත කන්ඩුල හස්ති රාජයා පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ නිරන්තර අවධානය ලබා දීමට නොපමාව කටයුතු කළ යූතුව ඇති අතර මේ වටිනා ඇත් රජු පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සංවිධානය කර හෝ එය ක්‍රියාවේ යෙදවීමට හැකියාව ඇත්නම් ඉතාමත් වටිනා සම්පතක් රැකගැනීමේ අවස්ථාව අප රටට හිමිවනු ඇත.

    වන සතුන්ට ඇලුම් කරන මෙන් ම වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන සියලු දෙනාගේද අවධානය යොමුකර කළ හැකි යමක් වේ නම් නොපමාව එය සිදු  කරන ලෙසත් මේ ඇත් රජුව රැක ගැනිම ඔබේත් අපේත් සියල්ලන්ගේම වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස සලකා කටයුතු කරමු.

    සාමාජ මාධ්‍ය ඔස්‌සේ සංසරණය වූ තොරතුරු ඇසුරින් සකසන ලද්දකි. එසේම මෙම කාරණාව සත්‍යද ? අසත්‍යද යන්න සොයා බලා නිසි කටයුතු සිදු කිරීම නිසි බලධාරීන්ගේ වගකීම වේ.

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version