.නවගත්තේගම ප්‍රදේශයේදී සුවසැරිය ගිලන්රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් තුවාල ලබා තිදෙනකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
මෙම අනතුර නවගත්තේගම කිරිමැටියාන ප්‍රදේශයේදී සිදුවී ඇතිඅතර ආනමඩුව දෙස සිට ගල්ගමුව දෙසට ධාවනය වෙමින් තිබු ගිලන් රථයේ මාර්ගය හරහා හරවමින් තිබුයතුරු පැදිය හා ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි 74 හැවිරිදි විශ්‍රාමික ග්‍රාමනිලධාරී වරයෙක් හා ඔහුගේම ඥාති ගැහැණු දරුවකු බරපතළ තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරුපැදි කරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තාවන්නේ.
ගිලන්රථ රියදුරාද තුවාල ලබා ගල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.














































