සූර්යා පිළිබඳ තොරතුරු තව දුරටත් අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාඥයන් සැමවිටම වැඩි උනන්දුවක් දක්වයි. විද්‍යාඥයින් පමණක් නොව අපද ඒ පිළිබඳ තව තොරතුරු දැන ඉගෙන ගැනීමට රුචියක් දක්වනු ලබයි.
එම අපේක්ෂාව නුදුරේදීම නාසා ආයතනය විසින් සාක්ෂාත් කරගැනීමට හැකියාව ඇතිවේ යැයි සිතිය හැකි ලකුණු මේ වන විට වාර්තා වී ඇත.
ඒ ඇමරිකාවේ නාසා ආයතනය විසින් කක්ෂගත කරන ලද “Parker Solar Probe” නමැති යානාව මේ වන විට සූර්යයාගේ පිටත පසුකර ඇති බව එම ආයතනය විසින් පසුගිය 14 වනදා නිවේදනය කිරීමත් සමග ය.
මෙම රොබෝ යානාව කක්ෂගත කර ඇත්තේ මීට වසර 03කට පමණ ප්‍රථම වන අතර නාසා ආයතනය සඳහන් කරන්නේ සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යනය කරමින් ,එහි අංශු සාම්පල ලබාගැනීමේ හැකියාව එම යානය සතුව ඇති බවයි.
මෙම රොබෝ යානය අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් නිපදවා ඇති අතර එහි වේගය පැයට කිලෝ මීටර් 692,000 වන බව ඔවුන් පවසයි.
මෙම යානය නිපදවීම සඳහා ඇමරිකාවට ඩොලර් බිලියන 1.5ක් වියදම් වී ඇති බව සඳහන් වේ.















































