මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිඟු වගාවන්හි නැවතත් සේනා දළඹුවාගේ වර්ධනයක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත හා පුහුණු අංශයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම අනුරාධපුරය ,අම්පාර, බදුල්ල, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලින් මෙම තත්වයන් වාර්තා වී තිබෙන බව බුද්ධික අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තබෙන බව වාර්තා වේ.














































