English
සිංහල
23:31 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සෙබළියන් දූෂණය කළ මේජර්වරයා තවමත් නිදැල්ලේ..  

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • සෙබළියන් වෙනුවෙන්  ජනාධිපති නීතිඥ උපදෙස්…
    • ප්‍රෝමාෂල්ටත් චෝදනා පත්‍රයක්…
    • වැරදිකරුට දඩුවම් ලබා දිම වෙනුවට හඩ පට එළියට ගිය අයුරු සොයයි…
    • මේජර්වරයා, සාමාන්‍ය සෙබළියගේ නිවසට ගොස් බිය කරලා..?
    • නිසිලෙස පරීක්ෂණ නොකරන සියලුම නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරෙන ලකුණු..

    පසුගිය දිනක යුද හමුදා සෙබලියන් ලිංගික අපයෝජනයට ලක්වීම පිළිබඳව සංවේදී හඬපටයක් සමාජ මාධ්‍ය තුළ  සංසරණ වීමෙන්   සමාජයේ විවිධ ස්ථර වල මේ පිළිබඳ කතිකාවතක් ගොඩනැගුණේ සියල්ලන්  කම්පනයට පත්කරමිනි. එම හඩපටය සමග තවත් අනාවරණ ගණනාවක අප සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවට එරෙහිව නොව එම ආයතනයේ ගෞරවාන්විත නාමය විනාශ කරන දූෂිත පුද්ගලයන්ට එරෙහිව පමණි. එසේම මෙසේ ලැබෙන සියල්ලම ඒ ආකාරයෙන්ම හෙලිකරනුයේ ජනාධිපතිවරයා විසින් රට නැවත ගොඩනැගීමට දරන වෙහෙසට උපකාර ලෙස සහ දූෂිත මිනිසුන් රාජ්‍ය ආයතන වල සිටිනා තාක් කල් ජනාධිපතිට නොව වයිමා ආවත් රට හරි අතට ගෙන යාමට නොහැකිවනු ඇත. නමුත් මාධ්‍ය ලෙස දිගින් දිගටම අනාවරණයන් සිදුකිරීමේදී ඒවාට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයාට මෙන්ම රජයටද පහසු වනු ඇත.

    බත්පත සහ පඩි පත අවදානමකට ලක්වී ඇති යුද හමුදාවේ සෙබළියන්ගේ පතිවතද අවදානමට හෙළමින් වාචිකව මානසිකව හා ශාරීරිකව යුද හමුදා සෙබලියන් ලිංගික අපයෝජනයට ලක් කිරීමට කටයුතු කරනු ලැබූ ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා  බළකායේ විධායක අධිකාරි ලෙස කටයුතු කළ මේජර් තුෂාර අධිකාරි පිළිබඳ අගතියට පත් පාර්ශවයන්හි හඬ පට සාක්ෂි ඇතිව අප විසින් සිදු කළ අනාවරණයට බලධාරීන් ක්‍රියාත්මක වුණු ආකාරය ඉතා කණගාටු දායකය. ඇඟිල්ල දික් කර  හද පෙන්වූ පසු හඳ නොදැක ඇඟිල්ල පමණක් දකිමින්  අණදෙන නිලධාරිනිය විසින් පටිගත කළ අගතියට පත් සෙබළියගේ හඬ පටය එලියට ගිය ආකාරය පිළිබඳව පමණක් පරීක්ෂණ සිදු කිරීම හාස්‍යජනකය. කල යුත්තේ එම හඩ පට එලියට යාම පිලිබදව සෙවීම නොව, මෙම සෙබළියන්ට මෙන්ම තවත් සෙබළියන්ට ඔහුගෙන් අතවර සිදුව තිබේද යන්න සොයා බලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමය.

    අදාළ හඩ පටය

    ලීක් වුනු හඬ පටය පිළිබඳ පමණක් පරීක්ෂණ  කරමින් කාමාතුර මේජර්වරයා නිදොස් කොට නිදහස් කිරීමට නීතිය නවමින් කටයුතු කරනු ලබන යුද හමුදාවේ  එදා මෙදා තුර  බිහිවුණු අසාර්ථකම  ප්‍රොරෝමාෂල් කුප්‍රකට මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා තනතුරේ බලය අවභාවිතා කරමින් අනීතිකව කටයුතු කිරීම ඉදිරියේදී කාන්තා අයිතීන්  සුරැකීමේ සිවිල් සංවිධාන විසින් අගතියට පත්  සෙබළියන් හට  යුක්තිය පසිඳලීමට අධිකරණය ඉදිරියේ නඩු ගොනු කිරිමට කටයුතු කරමින් තිබෙන බවද අපට වාර්තා වේ. එම නඩුවේ චුදිතයෙකු ලෙස මේජර් ජනරාල්වරයද නම් කිරිමට නියමිත බවද වාර්තා වේ. 

    පොදු සේවා බලකා රෙජිමේන්තු  මධ්‍යස්ථානයේ විශේෂ අමුත්තන්ගේ කාමරය තුළ සහ විධායක අධිකාරිය කාර්යාලය තුළදී  අවාසනාවන්ත ලෙස මෙම සෙබලියන් කායික, මානසික මෙන්ම ලිංගික අතවරයන්ට ලක්වී තිබෙන බවටද අප තොරතුරු වාර්තා කරන ලදී. අප නිරතුරුවම පෙනී සිටින්නේ පිඩිත මිනිසුන් වෙනුවෙනි. ඔවුන් පීඩාවන්ගෙන් ගලවා ගැනීමට කටයුතුකල යුත්තේ වගකිව යුතු බලධාරීන් විසිනි. ඒ ආකාරයෙන්ම යම් මතු දිනයක ජනාධිපතිට, ආරක්ෂක ලේඛම්ට හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු යම් නීතිවිරෝදී හෝ අනීතික කටයුත්තකට මුහුණ දී ඔවුන් පිඩිත පන්තියක් වුවහොත් ඔවුන් වෙනුවෙන්ද අප පෙනී සිටින්නේ මේ ආකාරයටමය.

    මේ අතර එක්සත්  රණවිරු  සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි  පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක්  පවත්වමින් ප්‍රකාශ කර සිටියේය මෙම සෙබළියන් දූෂණය කිරීම පිළිබඳව ලිංගික  අතවරයකට ලක්වු සාමාන්‍ය  සෙබළියක වන ජයසූරිය නමැත්තියගේ පාපොච්චාරණයක් ඔහු සතුව පවතින බවත් ඉදිරියේදී මෙම කරුණු සියල්ල අළලා මෙම  යුධ හමුදාවේ නාමය කෙලෙසන පුද්ගලයාට එරෙහිව අධිකරනයෙන් ඉදිරියේ යුක්තිය අයද සිටින  බවත්ය.

    හමුදාවේ දූෂිත නිලධාරින්ගේ ගැන කියවෙන අසේල ධර්මසිරිගේ සාකච්චාව..

    සාමාන්‍ය  සෙබලියගේ හොරණ ගෙදරට මේජර්වරයා ගොස් බිය ගන්වලා…?

    යුධ හමුදා සාමාජිකයෙකු මෙවැනි දරුණු අපරාධ පිළිබඳ  චෝදනාවන්ට  ලක්වූණ අවස්ථාවන්හි සාක්ෂි වසන් කිරීම සාක්ෂිකරුවන් බියගැන්වීම  මෙන්ම අගතියට පත් පාර්ශවයන්ට සිදුවන බලපෑම් වළක්වා ගැනීමට  චෝදනාවට ලක් වූවන් සියලු තනතුරුවලින් ඉවත් කර චෝදනාවන්හි බරපතළ  භාවය මත  සිර අඩස්සියේ හෝ විවර සිට අඩස්සියේ තැබීම සාමාන්‍ය පරීක්ෂණ පිළිවෙත නමුත් මෙම යුධ හමුදා ප්‍රොරෝමාෂල් වරයා  සම්ප්‍රදායන් සහ පිළිවෙත් මහදවල් අමු අමුවේ උල්ලංඝනය කරමින් ඔහුගේ කැඩෙට් නිලධාරී පාඨමාලා සාමාජිකයෙකු වන සහ තවත් දූෂිත මේජර් ජෙනරාල්වරයෙකු වන  මෙත්තානන්දගේ කල්ලිය විසින් මෙම චුදිත මේජර් අධිකාරි මේ වනතෙක්ම අත්අඩංගුවට නොගෙන ඔහුට රිසිසේ සාක්ෂි වසන් කරමින්  නිදොස්වී නිදහස් වීමට මග සකස් කිරීම පිළිබඳව යුධ හමුදාවේ ජේෂ්ඨතම මානවවාදී  නිලධාරීන් සිය කනස්සල්ල පළකරයි.

    ප්‍රොරෝමාෂල් සොයිසාගේ ආශිර්වාදයෙන් තවමත් නිදැල්ලේ සිටින මෙම කාමාතුර මේජර් වරයා  පසුගිය දිනක ඔහු ලිංගික අතවරයකට ලක් කළ  ජයසූරිය නම් සාමාන්‍ය සෙබළියගේ හොරණ පිහිටි නිවසට ගොස් දෙමාපියන් බියගන්වා ඔහුට විරුද්ධව සාක්ෂි ලබා දුනහොත් ඉදිරියේදී දියණියට කුමක් සිදුවේද යන්න පිළිබඳ වගකීම ඔවුන්ට භාර ගන්නා ලෙස තර්ජනාත්මක ස්වරූපයෙන් බලපෑම් එල්ල කරමින් සාක්ෂි කරුවන් බියගන්වා සාක්ෂි වසන් කිරීම බරපතළ තත්ත්වයකි. (කෙසේ නමුත් ඔහු එසේ ගියේද නිලවශයෙන් අප විසින්ම තහවුරු කරගෙන නැත)

    අණදෙන නිලධාරිනිය වගකීම් පැහැර හැරලා…

    මෙම ලිංගික  අතවරයන්ට ලක්වු අවවරප්‍රසාදිත නිර්දන පන්තියේ දුප්පත් දෙමව්පියන්ගේ අසරණ දියණියන් යුද හමුදාවට බැඳී සෙබළියන් ලෙස රාජකාරි කිරීමේදී ඔවුන්ගේ  මව් දෙමව්පියන් ලෙස කටයුතු කිරීමේ වගකීම පැවරෙනුයේ අණදෙන නිලධාරිනියන් වෙතය.

    මේජර් තුෂාර අධිකාරි විසින් ලිංගික  අපයෝජනයට ලක්කළ බොහොමයක් කාන්තා සෙබලියන් දෙවන ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා  බලකායේ සෙබළියන් වන අතර ලිංගික අතවරයන්ට ලක්වී අනතුරුව තමා මුහුණ දුන් අමිහිරි  අත්දැකීම් කඳවුරේ මව ලෙස  සැලකෙන අණදෙන නිලධාරිනිය ඉදිරියේ හඬා වැටෙමින් ප්‍රකාශ කර පිළිසරණක් අයද සිටින අවස්ථාවේ එම පාපොච්චාරණයන් පටිගත කර එය තුලින් වින්දනයක් ලබා ගන්නේ කවුද යන්නද වෙනමම සොයා බැලිය යුතුබව හමුදාවට ආදරය කරන නිලධාරීන් ප්‍රකාශ කරයි. 

    අගතියට පත් සෙබළියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපදෙස්..    

    මෙම කාමාතුර මේජර්වරයාට එරෙහිව හමුදා නීතියේ සිදුරු තුළින්  රිංගා යාමට යුද  හමුදාවේ කුප්‍රකට විනය ආරක්ෂා අධිපති  නොහොත් ප්‍රොරෝමාෂල්  ඇතුළු  අති දූෂිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම  දේශපාලඥයන්ගේ සහය  ඇතිව  අසාර්ථක ප්‍රයත්නයක යෙදෙන පසුබිමක අප විසින් අගතියට පත් සෙබළියන් හට යුක්තිය පසිඳලීමට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥ වරයෙකුගෙන් නීති උපදෙස්ද මේ වන විට ලබාගෙන තිබේ.

    නීතියට අනුව සෙබලියන් තනි තනිවම මෙම කාමාතුර නිලධාරියාගේ ලිංගික අතවරයන්ට ලක් වීම හේතුකොටගෙන ඇසින් දුටු තුන්වන පාර්ශ්වයක සාක්ෂි නොමැති පසුබිමක එම සෙබලියන් මුහුණ දුන් සිද්ධීන්වල සමානාත්මතාවය , මෙම මේජර්වරයා විසින් එම සෙබලියන් අතවරයන්ට ලක් කිරීමට අනුගත කළ ශෛලය, ඔවුන් මේ පිළිබඳ වගකිවයුතු නිලධාරියකුට පැමිණිලි කළාද නැද්ද සහ  ඒ කුමන  පාර්ශවයකටද යන්න යන්න ,පැමිණිලි කළ අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිටි  තුන්වන  පාර්ශවයේ සාක්ෂි එම සෙබළියන්ගේ පෙර සේවා කාලයේ සේවා වාර්තා මෙන්ම  ලබාගත් දුරකථන ඇමතුම් වල දත්ත, හඬ පට වැනි තාක්ෂණික සාක්ෂි  විශ්ලේෂණයකින් අනතුරුව මොහු බරපතළ  අපරාධයක් කළ බවට කිසිදු ආයාසයකින් තොරව ඔප්පු කළ හැකි බව මෙම සෙබලියන් වෙනුවෙන් පෙනී සිටීමට නියමිත  ජනාධිපති නීතිඥවරයා පවසයි. නමුත් ප්‍රෝමාෂල්වරයා නීතිය නොදන්නේ නම් යුක්තිය යනු පිඩිත සෙබළියන්ට වල් පැලෑටියක් වනු ඇත.

    මෙහිදී ආසන්නතම ලිංගික  අතවරයන්ට ලක්වූ හමුදා සෙබලියන් වන වීරකෝන් සහ  ජයසූරියගේ සාක්ෂි පදනම්ව සහ  ඔහුන්  දෙදෙනා විසින් අවස්ථා දෙකකදී මෙම ලිංගික අතවරයන් පිළිබඳව ඔහුන්ගේ  අණදෙන  නිලධාරිනිය හට  පැමිණිලි කළ පසුබිමක පැමිණිලි කරන අවස්ථාවේ අණදෙන  නිලධාරිනියගේ කාමරය රැඳී සිටි පුද්ගලයන්ද ඇතුළුව කොට ඉහත සඳහන් සියලුම පාර්ශවකරුවන්ගේ සාක්ෂි මත මෙම  මේජර් අධිකාරි යුද හමුදාවෙන් නින්දා සහගත ලෙස  නෙරපා දැමීමට  සාක්ෂි ප්‍රමාණවත්ය. එසේම අනීතික ලිංගික අතවරයන් හමුදාව තුළ දිරිමත් කරමින් වැරදි පූර්වාදර්ශ සපයමින් වගකිව යුත්තන්ට දඬුවම් ලබා නොදුනහොත් ඉදිරියේදී ගවේෂණාත්මක මාධ්‍ය කරණයේ යෙදී දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටින සියලු දූෂිතයින්ගේ දූෂණ සමාජගත කිරීමටද අපට සිදු වේ. එසීම මීට පෙර අප විසින් අනාවරණය කර තිබෙන දුෂිත ක්‍රියාවන්ට එරෙහිව කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදුකර තිබෙන බවටද අපට අනාවරණය නොවේ.

    හමුදාපතිට බැරිනම් පරීක්ෂණ C I D  එකට දෙන්න…

    මහ දවල් සෙබළියන්  ලිංගික අපයෝජනයට ලක් කළ ස්ත්‍රී මේජර්වරයාට මේ වනතුරුද නිදැල්ලේ සිටිමින් සාක්ෂි වසන් කර සාක්ෂිකරුවන් බිය ගන්වමින් නිදොස් වී නිදහස් වීමට කටයුතු කිරීම තුළින් මෙන්ම හමුදාවෙ ප්‍රොරෝමාෂල් දූෂණයට ලක්වූ සෙබලියන් හට සාධාරණයක් ඉෂ්ඨ නොකර හඬ පටය ලීක් වූ ආකාරය පිළිබඳව පමණක්   පරීක්ෂණ කිරීම තුළින්ම අගතියට පත්වූ සෙබළියන් හට කිසිදු දිනක සාධාරණයක් ඉෂ්ට නොවී  තවදුරටත් ඔවුන් පළිගැනීම්වලට ලක් වන බව සක් සුදක් සේ පැහැදිලිය.

    යුදහමුදාපති ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන පසුබිමක මෙම අනීතික පරීක්ෂණය තුළින් සමස්ත ත්‍රිවිධ හමුදාවටම දෙනු ලබන වැරදි පූර්වාදර්ශය හේතුකොට මේජර් තුෂාර අධිකාරීන් වැනි සිය දහස් ගණන් කාමාතුර නිලධාරීන්ගේ  පහත් කාමුක හැඟීම් සන්තර්පණය කිරීමට දහස් ගණනින් සෙබළියන්ට සිදුවනු ඇත. එසේ අමිහිරි අත්දැකීම් විඳීමට සිදුවීම වලක්වා ගත  හැක්කේ සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයාට පමණකි.

    විධායක ජනාධිපති ආරක්ෂක අමාත්‍ය මෙන්ම සේනාධිනායකයා ලෙස මේජර් අධිකාරි වැනි කාමාතුර නිලධාරීන්ගෙන් අසරණ, අහිංසක සෙබලියන් ආරක්ෂා කර ගැනීමේ අවධානය යොමු විය යුතුය. දූෂණය වී ඇත්තේ අල්ලස, මිල මුදල පමණක් නොවේ, මිනිසුන්ගේ පැවැත්මද විනාශ වී ගොස් තිබේ.  යලිදු කිසිදිනක  ත්‍රිවිද හමුදාව තුල මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට ඉඩ නොතැබීමට  මෙම කාමාතුර නිලධාරීවරයාට එරෙහිව ගත යුතු ඉහලම නීතිමය ක්‍රියාමාර්ගය ගත යුතුව තිබේ.

    ඒ අනුව යුධ හමුදාධිපතිට මෙම පරීක්ෂණය කිරිමට නොහැකි නම් පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙම පරීක්ෂණ සිදුකිරීමට හැකිය. සියලුම හමුදා භටයන්ට මෙන්ම නිලධාරීන්ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව යටතේ මෙරට පුරවැසියන්ය. එබැවින් ඔවුන්ට තිබෙන පුරවැසි අයිතිවාසිකම් යටතේ ඕනෑම හමුදාවක, ඕනෑම ඉහල නිලධාරියෙකුට එරෙහිව ඕනෑම පොලිස් ස්ථානයක් හරහාද තමන්ට අවශ්‍ය නීතියේ පිළිසරණ ලබාගත හැකිය.  ඒ අනුව මෙම ලිපියම පැමිණිල්ලක් ලෙස ගෙනද කටයුතුකළ හැකිය. කෙසේ නමුත් ඉදිරියේදී මේ පිලිබඳව නිති කෘත්‍යයක් සිදුවන බවද වාර්තා වේ.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version