තලෙයිමන්නාරම ඌරුමලෙයි නාවික හමුදා කඳවුරේ සෙබළෙක් නිදි යහනේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම සෙබළාට හදිසියේ හටගත් හෘර්දයාබාධයක් හේතුවෙන් මෙලෙස නිදි යහනේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව තලෙයිමන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තහවුරු කර තිබෙන බව සඳහන් .
මොහු රාත්‍රියේ නින්දට ගොස් තිබුණත් , පසුදා සේවයට වාර්තා නොකිරීම නිසා මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී නිදි යහනේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව නිරීක්ෂණය වී තිබේ.අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු පොලීසිය පැමිණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
අනතුරුව සෙබළාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා රෝහල වෙත භාර දී ඇති අතර එම පරීක්ෂණ කටයුතු වලින් පසුව මළ සිරුර සෙබළාගේ ඥාතීන් වෙත භාර දී තිබේ.