අද (05) පෙරවරුවේ වවුනියාව සෙට්ටිකුලම, කල්ලාරු පාලමේ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ දී තරුණයෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.
තරුණයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා ගමන් ගන්නා දුම්රිය පැමිණෙන අවස්ථාවේදි පාලමේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට තැත් කළ අවස්ථාවේ දී එක් තරුණයෙක් දුම්රිය මාර්ගයට ඇද වැටී දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම අනෙක් තරුණයා දුම්රිය පැමිණෙන අයුරු නිරීක්ෂණය වීමෙන් පාලමෙන් ජලයට පැන දිවි බේරාගෙන ඇති බවද වාර්තා වේ.
මෙම අනතුරෙන් 19 හැවිරිදි මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි ෆ්‍රැන්සිස් කන්නා නමැති තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂ්‍යට පත්ව ඇති අතර අනෙක් තරුණයා තුවාල ලැබීමෙන් මේ වනවිට ප්‍රතිකාර සඳහා සෙට්ටිකුලම රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරෙන් මියගිය තරුණයාගේ මෘත දේහය සෙට්ටිකුලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සෙට්ටිකුලම පොලිසිය විසින් සිදුකරනු ලබයි.