සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේය.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබීය.
ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු වික්‍රමසිංහ මැතිතුමා රාජ්‍ය ආයතනයක් වෙත පැමිණ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡාවක්ද පැවැත්වීය.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
ගරු අමාත්‍ය ටිරාල් අලස්, නීතිපති, ජනාධිපති ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සහ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














































