ශ්‍රී රාවණා ලංකා පුවත් සේවයේ සබරගමුව පළාත් කාර්යාලයේ මාධ්‍යවේදීන් ලෙස පුහුණුවෙන් පසු සේවයට බඳවා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් සහිත සහ කොන්දේසි සපුරාලිය හැකි අවුරුදු 18 – 22ත් අතර තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
- සිංහල භාෂාවෙන් ලිවීමේ හැකියාව තිබිය යුතුය. ඉංග්‍රිසි පිලිබඳව සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය.
- පරිගණකවලින් සිංහල සහ ඉංග්‍රීසි යතුරුලියන හැකියාව.
- වීඩියෝ සහ චායාරූප සැකසීමේ සාමාන්‍ය දැනුම.
- පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය අතර බළන්ගොඩ රක්වාන, වැලිගෙපොල ආදී ප්‍රදේශ වලින් විශේෂයි.
නිවේදන සහ කැමරාකරණ කටයුතු පිලිබඳව ඇති හැකියාව විශේෂ සුදුසුකමක් වේ.
තෝරාගැනීම සදහා ලිඛිත පරීක්ෂණයක් සහ වාචික පරීක්ෂණයක්ද පැවැත්වේ.
තෝරාගන්නා අයදුම්කරුවන් හට පුහුණුවක්ද ලබා දෙන අතර ඉන් පසුව රැකියාවට බඳවා ගැනේ. පුහුණුකාලය මාසයක් පමණ වේ. එම පුහුණු කාලය තුල බස් වියදම පමණක් අයතයෙන් ගෙවනු ලබයි. පුහුණුවෙන් පසුව මාස 6 ක් සේවාස්ථ පුහුණුවකට යොමුකරන අතර එම මාස 6 තුල සැලකිය යුතු දීමනාවක් ගෙවනු ලබයි. ඊට අමතරව තවත් වටිනා අවස්ථා ගණනාවක් ඔවුන්ට හිමිවනු ඇත. තෝරාගන්නා අයදුම්කරුවන් අවුරුදු 5 ක් අනිවාර්යෙන්ම අප ආයතනය තුල සේවය කල යුතු අතර ඒ සඳහා ගිවිසුම්ගත විය යුතුය.
ජනමාධ්‍යවේදියෙක්, වේදිනියක් ලෙස සමාජගතව මව් බිම වෙනුවෙන් වැඩක් කිරීමට කැමති නම් ඔබගේ ජීව දත්ත තොරතුරු ඇතුලත් අයදුම්පත්‍රයක් අද ම පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.සම්මුඛ පරීක්ෂණය සදහා කැඳවීම විද්‍යුත් තැපෑලෙන් පමණක් බැවින් විද්‍යුත් තැපැල් ලිපිනයක් සහ ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් අයදුම්පතේ සඳහන් කරන්න. වැඩි විස්තර සඳහා www.ravanalankanews.lk පුවත් වෙබ් අඩවියට පිවිසෙන්න.
අයදුම් පත් භාර ගන්නා අවසාන දිනය 2022 08 31.
ලිඛිත පරීක්ෂණය – 2022 09 08
අයදුම් පත් එවිය යුතු ලිපිනය – ravanalankanews3@gmail.com
 
	    	



























 
		    
















