අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එළඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම නියෝගය ලබා දි තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝ ග්ලොබියුලීන් ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි.














































