නිවසේදී සිදු වන අනතුරු ප්‍රමාණය මේ වන විට ඉහළ ගොස් ඇති බවත් , රෝහල් ගත වන රෝගී සංඛ්‍යාවෙන් 50% ක් පමණ නිවෙස් තුළ සිදු වන අනතුරු නිසා රෝහල් ගත වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි .
එමෙන්ම මෙම අනතුරුවලින් තම දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග ප්‍රකාශ කළ බව සඳහන් වේ.